වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ තිස්තුන් හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.


විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීමට රුපියල් දෙදහක මුදලක් සේම පැයකට  අටදාහක මුදලක් මෙන්ම ඇයගේ මුහුණ සමග  නිරුවත පෙන්වීමට එම මුදල මෙන් දෙගුණයක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එම කාන්තාවගේ නිරුවතේ පහස   විඳ ඇති බහුතරයක් දෙනා පාසල් සිසුන් වන බවට අනාවරණය වී ඇති අතර එය ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර දෙමව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදලින් ඔවුන් එය සඳහා වියදම් කර ඇති බවට පොලීසිය සඳහන් කරයි.


කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරුවක් යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.