Slider

හෙයා පැෂන්වලින් ලොව දිනා එයි

රංශයේ පැවති 2023- ඕ.එම්.සී. හෙයාර් වර්ල්ඩ් ( O.M.C. Hair World ) ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියන් දෙදෙනකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත. 

ඔවුන්  දෙදෙනා අද  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලියට ලෝකයේ රටවල් 69 ක රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පිනියෝ 5,000 ක සහභාගිත්වයෙන්  ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත් වූහ. 

එහිදී වේශ නිරූපන අංශයෙන් තරග කළ තීක්ෂණී කාරියවසම් මහත්මිය රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .

 එසේම නිර්මාණාත්මක අංශයෙන් තරග කළ කායල් විලී ජයප්‍රකාශ් මහත්මිය ලෝකඩ පදක්කමක් සහ තවත් ඉසව් දෙක්කදී 04 වැනි සහ 05 වැනි ස්ථාන දිනා ගැනීමට සමත් වූවාය.
0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo