බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේදි විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද (11) අළුයම් කාලයේදී ගිනිගෙන විනාශ වී තිබේ.



බෙලිඅත්ත පොලීසිය පැවසුවේ එම නිලධාරියාගේ නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට තොරතුරු ලැබුනු බවයි.


ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.



පොලිසිය සැකපළ කරන්නේ, බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.