පසුගිය කාලසීමාවේදී ශ්රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.ඒ අවස්ථාවේදී රටේ තරුණයන් බොහෝ දෙනා මේ ක්රමය වෙනස් විය යුතුයි කියා අරගල කරන්න පටන් ගත්තා.
එවන් කාල සීමාවකදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා IMF සහාය ලබාගත යුතු බවට විශාල පිරිසක් විසින් ප්රකාශ කළා.ඒ තුළින් ආර්ථිකය අලුත් මඟකට ගෙනයන්න පුළුවන් කියන බලාපොරොත්තුව සහ විශ්වාසය ඔවුන් තුළ තිබුණා.
නමුත් වර්තමානයේ බංගලාදේශය දිහා බලද්දි ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.බංගලාදේශය IMF ආධාර පතමින් ඩොලර් බිලියන හතරක් ලබාගත්තත් ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන්න මේ ණය ආධාර මුදලට හැකියාව ලැබුණේ නැහැ.ඔවුන් තවදුරටත් ආර්ථිකමේ වශයෙන් අස්ථාවර රටක්.
ඉතින් IMF ලබා ගැනීමෙන්ම රටක් ස්ථාවර වෙයිද?ඒ සේ නොවන බව බංගලාදේශය මේ වෙද්දි ඔප්පු කර හමාරයි.IMF සහය වගේම අනෙකුත් ප්රායෝගික ප්රතිසංස්කරණයන් රටක් ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමට එකසේ බලපායි.