ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන අංක කීපයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවත්ය.


ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බව නිමල් බණ්ඩාර සඳහන් කළේය.


මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි.