මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත.

දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමට කටයුතු යොදා ඇත.


පළමු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා නිලධාරීන් සූදානම්කර තබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. මේ අනුව, එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට යොමුකර තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා නිලධාරීන් හතරක් හෝ පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සූදානම්කර තැබීමට තේරීම්භාර නිලධාරීන් කටයුතු යොදා ඇත.