ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක සංගීත වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් මෙහෙයවන පුද්ගලයෙකුගේ බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එන අතරතුරේදී මූල වංචාමය සිදුවීමකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් තහනමක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී ඇත.

37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෛද්‍යවරියක බව ද පොලිසිය පැවසීය .


ඇය ඊයේ (05) උදෑසන 08.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.


මේ වනවිට මෙම කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොළඹ , කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා භාර දී තිබේ.