මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇත. ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර තිබේ.

තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05 වැනිදා) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර ඇත.