රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍රලේඛයක් මඟින් දක්වා තිබේ.
රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සේවක සේවිකාවන්ටද අදාළ වනු ඇත. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්කගතව වන අතර එමඟින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.