මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර ඇගේ නිවස තුළ අභිරහස් අයුරීන් ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 71ක කාන්තාවකි.ඇය තමාට අයත් පොල් ඉඩමේ තිබූ නිවසේ වාසය කර ඇති අතර දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් වාර්තා වෙයි.


මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වු නිවසේ වාසය කර ඇති බවත් දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉදහිට බවත් කියයි.


මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතම ඝාතනය කර තිබූ බවත් ඇයගේ සිරුර බාහිර තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.