එළඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා (14) අද පස්වරුවේ නාම යෝජනා පත්රයට අත්සන් තැබුවා.
ඒ කොළඹ මල් පාරේ පිහිටා ඇති සිය දේශපාලන කාර්යාලයේ සිටයි.
ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලද්දේ නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහාතා.
මේ වන විට ජනාධිපතිවරණය සඳහා තවත් 40 දෙනෙකු නාම යෝජනා පත්ර අත්සන් කර ඇති බවට සඳහන් වෙනවා.