ගායන ලෝකය තුළ විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත්තු ආකර්ෂණීය ගායන ශිල්පියෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ. එලිමහන් ප්‍රසංග වේදිකාව තුළ නැතුවම බැරි චරිතයක් වුනු ඔහුට එදා වගේම අදටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඒ වගේම ඉඳුනිල්ට හරි අපූරු හැකියාවක් තියෙනවා.

ඔහුට පුළුවන් එක එක කටහඬින් ගීත ගායනා කරන්න.ඉතින් ඒ සියලු දේවල් එක්ක කලා කටයුතුත් කරගෙන ජීවිතය ඉතාමත් ලස්සනට ගත කරන ඉඳුනිල් ආයෙමත් සැරයක් ආදරණීය පියෙක් වෙනවා ලැබුවා.ඉඳුනිල් දැන් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. ඒ වගේම තමයි ඔහුගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඉතින් ඒ සියලුම ප්‍රශ්න හැල හැප්පීම් මැද්දෙ හැමෝම ඔහුව ප්‍රතික්ෂේප කරද්දී ඔහුට ශක්තියක් වෙලා ඔහු ගාවම හිටියේ ඉඳුනිල්ගේ ආදරණීය බිරිඳ අචිනි.ඔහු ඇය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්

“මගේ බිරිඳගේ නම අචිනි. ඇය නුගේගොඩ. මම මාතර. අවුරුදු පහළොවකට විතර කලින් එයාව අහම්බෙන් මට මුණගැහෙන්නේ. එක්තරා කාලයක පවුලේ අයත් මාව ප්‍රතික්ෂේප කරපු මොහොතක එයා තමයි මට ශක්තියක් වුණේ. මට කසාද බඳින්න ගැළපෙන කෙනා එයා කියලා හිතුවා. මොන දේ වුණත් හිනා වෙලා මට ශක්තියක් වෙනවා. එයාගේ අම්මයි මගේ අම්මයි ඉන්නේ අපිත් එක්ක. ඒ අම්මලා දෙන්නා එක්ක මගේ බිරිඳ හරි ආදරණීය විදිහට ජීවත් වෙනවා”

බොහෝ දෙනෙක් ආදරය කරන ඒවගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්ත ඉඳුනිල් ඔහුගේ ජීවිතය තව තවත් සාර්ථකව ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.