සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය ගායන ශිල්පියෙක් තමයි නලින් පෙරේරා කියන්නේ.නලින් පෙරේරාගේ එකම දියණිය තමයි ස්වේතා මේලි.ඇය නලින් පෙරේරාගේ ආදරණීය දියණිය කියන්නේ බොහෝ දෙනෙක් දන්නවා. ස්වේතා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇයගේ ආදරණීය සැමියා වන රනිත් සමග.

ඉතින් මේ ආදරණීය යුවළ විවාහ වුණාට පස්සේ තවත් සුභ පණිවිඩයක් අපිට අහන්න ලැබුණා.මොහු දෙදෙනාම ආදරණීය දෙමව්පියන් වෙන්න මේ වෙද්දෙත් සූදානම්.ඇයට ලැබෙන්න ඉන්නේ දියණියක්. උනත් පුතෙක් උනත් කවුරු ආවත් දෙන්නා ඉතාමත් සතුටින් බාරගන්නවා කියලත් ඇය සඳහන් කරලා තිබුණා.

මේ වෙද්දි ඇය ලංකාවට ඇවිල්ලා ගෙදර කට්ටියත් එක්ක තමයි කාලය ගත කරන්නේ.පසුගිය දවසක සමාජමාධය පුරාවටම ප්‍රසිද්ධ වුණා ස්වේතා එයාගේ අම්මටයි තාත්තටයි එයා ප්‍රෙග්නට්  කියලා කියපු වීඩියෝ එක. ඉතින් ඇය ඒක ප්ලෑන් කරලා තිබ්බ විදිය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ටික කාලයක් ගිහින් ප්ලෑන් කරලා තමයි ඒ දෙන්නව සර්ප්‍රයිස් කළේ. මම ආස වුණේ නැහැ නිකම්ම කෝල් එකක් අරන් කියන්න. ඒ දෙන්නටම හරි සතුටුයි. තාත්තිත් ගොඩක් සතුටින් ඉන්නේ. තාත්තිටත් මුලින්ම දුවෙක් ඕනේ කියලා හිතලා තියෙද්දී තමයි මාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැනුත් දුවෙක් නිසා මුලින්ම සීයා කෙනෙක් වෙන්න යන එකටත් ලොකු සතුටකින් ඉන්නේ”

ඉතින් නිදුක් නිරෝගී දරු උපතක් සිදු කිරීමට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු