කලා ලෝකයේ බොහෝ දෙනෙක් නොයෙකුත් අවස්ථාවන්වලදී විවිධ රෝගාබාධයන්ට ලක් වෙලා ජීවිතයේ සැදෑ සමය ඉතාමත් අපහසුවෙන් ගත කරන තත්ත්වයන් පිළිබඳව අපි අහලා තියෙනවා. ඉතින් අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ හරිම අවාසනාවන්ත සෝචනීය කතාවක් ගැනයි.

වසන්ත විට්ටච්චි  කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාව වේදිකාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක් තිස්සේ අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් විදිහට රංගනයෙන් දායකත්වය දැක්වූ චරිතයක්.

ඔහු අංග රචනා ශිල්පියෙක් ලෙසත් කටයුතු කරපු අතර උතුම් මනුෂ්‍ය ගතිගුණයන්ගෙන් යුක්ත ආදරණීය කලාකරුවෙක් කියන්නේ ඔහුත් එක්ක වැඩ කරපු බහුතරයක් දෙනා දන්නවා.

හැබැයි අවාසනාවකට අද වන විට එතුමා KDU රෝහලේ ප්‍රතිකාර ලබමින් ජීවිතය ගත කරනවා කියලා ආරංචි වුණා.ඔහුගේ ප්‍රතිකාර සඳහා මේ වෙද්දී දෛනිකව රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය වෙනවා කියලත් සඳහන් වෙනවා

එනිසාම ඔහුට ඔබේ උදව් ඇවැසිම මොහොත මෙයයි. එනිසා අපි අපේ ආදරණීය කලාකරුවා වෙනුවෙන් එකතු වෙමු. ඒ වගේම ඔහුට උතුම් නිරෝගී සුවය ඉතා ඉක්මනින් ප්‍රාර්ථනා කරමු.