පුංචි තිරයේ සහ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර කලාකාරිනිය බොහෝ දෙනෙක් ආදරය කරන වෝල්ගා කල්පනී.මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ රන් සරණි  ලෙසින්ද ඇය ක්ෂේත්‍රය පුරාවටම ප්‍රසිද්ධයි.

පසුගිය දවසක ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ ඇය වස්තු කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක් නිසයි.මේ නිර්මාණය ඇය වස්තී  නිර්මාතෘ අනුෂ්ක විවාහ වෙන දර්ශනයක් තමයි තිරගත උනේ.

ඉතින් මේ නිසා හැමෝම හිතුවා ඇය ඔහුත් එක්ක විවාහ වුණා කියලා. ඒ සම්බන්ධයෙන් අහපුවාම වොල්ගා කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“ඒක වස්ති ප්‍රඩක්ෂන් එකක්. වස්ති ප්‍රඩක්ෂන් කියන්නෙ කරන දේ හරියටම කරන ගොඩක් මුදල් වියදම් කරලා. හරිම පිළිවෙළට වැඩ කරන කණ්ඩායමක්. ඉතින් මං එයාලා එක්ක වැඩක් කළා. ඒක හරි කොලිටි වැඩක්. ඒක නිර්මාණයක්. එච්චරයි.”

ඉතින් ඇය බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඇයගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.