වසර ගණනාවක් පුරා දෙවැනි ඉනිම ටෙලි නිර්මාණය හරහා අනුෂාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකාරිනිය අංජලී ලියනගේ.අංජලී ක්ෂේත්‍රය තුළ තමන්ගෙම කියලා ස්ථාවර ගමනක් යන ආදරණීය කලාකාරිනියක් කිව්වොත් නිවැරදියි.

පසුගිය කාල සීමාවේදී ඇයගෙන් බොහෝ දෙනෙක් අහල තිබුණා ඇය ඇයි දෙවෙනි ඉනිමට නිර්මාණයෙන් අයින් වුණේ කියලා.ඇත්තටම ඒ සම්බන්ධයෙන් අහපුවහම අංජලී කිව්වේ දෙවෙනි ඉනිම ටෙලි  නිර්මාණය ගැටලුවක් නිසාවත් ඒ කණ්ඩායමේ ප්‍රශ්නයක් නිසාවත් ඇය ඒ ටෙලි නිර්මාණයෙන් අයින් වුණේ නෑ කියලයි.

දීර්ඝ කාලයක් එකම නිර්මාණයක් තුළ චරිත රංගනය සිදුකළ නිසා ඇය ඒකෙන් විවේකයක් ගත්තා කියලා තමයි සඳහන් කළේ.කෙසේ නමුත් පසුගිය දවසක ඇය ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා සමඟ ලස්සන වෙඩින් ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.ඒ වගේ දෙයක් කරන්න ඇයට හිතුනෙ ඇයි කියලා අහපු අවස්ථාවකදී ඇය ඇත්තටම කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තම කතාව කිව්වොත් අපි දෙන්න විවාහ වුණු වෙලාවෙ අපි වෙඩින් එකක් ගත්තෙ නැහැ. ඕනෙම ගැහැනියකගේ හීනයක් තමයි ලස්සනට ඇඳල ෆොටෝ අරන් ඒ මොහොත සමරන එක. ඒක ජීවිතේට සුන්දර සිහිවටනයක්. මගේ හිතෙත් ලොකු ආසාවක් තිබුණ ලස්සනට ඇඳල ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒක හරිම අහිංසක ආසාවක්. මං ජීවිතේ කවදාවත් උත්සවයක් ගනිපු කෙනෙක් නෙවෙයි. පහුගිය දවසක අපේ විවාහ සංවත්සරය තිබුණා. ඒත් එක්කම මං මගේ අදහස තරිඳුට කිව්වා. එයා හිනාවෙලා කිව්වෙ ඔයාට කැමති දෙයක් කරමු කියලා. එයා හැමදාම ඉතින් එහෙම තමයි. එයා දන්නවා මං දෙයක් ඉල්ලන්නෙ ඇත්තටම ආසා වුණොත් විතරයි. කරන්නෙ කොහොමද කියන අයිඩියා එකක් එයාට තිබුණෙ නෑ. එතනදි මං මගේ අදහස විකුම් ජයරත්න මල්ලිට කිවුවා. එයා ඒක ලස්සනට ප්ලෑන් කළා. පිළියන්දල සැලෝන් ඩැන්ඩි එකේ සන්ධ්‍යා හඳුන්වල දුන්නෙත් එයා. මං ආස කළේ ටැමිල් විදිහට මනාලියක් වෙන්න. ඇය මගේ අදහසට තවත් දේ එකතු කරල තුන් විදිහකට ඇන්දුවා. මගේ ඇඳුම් ලබාදුන්නේ නුවන් කහපලආරච්චි. තරිඳුට පිළියන්දල ලිහිණි පැෂන් අනුග්‍රාහකත්වය ලබා දුන්නා. ක්‍රිෂාන් ක්‍රිෂ් ලස්සන ෆොටෝ ෂූට් තුනක්ම කරල දුන්නා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. තවත් බොහෝ කාලයක් දෙන්නට සතුටින්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.