අමායා අධිකාරි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු දක්ෂතරුවක්.ඇය නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා තමන්ගෙම කියලා ගමනක් ආපු නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අමායා කියන චරිතයට ආදරෙයි.


ටික කාලයක් යද්දි අමායා තීරණය කරනවා විවාහ වෙන්න ඒ වෙද්දි සමිතාගෙන් වෙන් වෙලා හිටපු අතුල අධිකාරිත් එක්ක.එය විවාහය ණයට දියණියක් ඉපදෙනවා. හැබැයි ඔවුන් දෙදෙනවත් ඒ තරම් කාලයක් එකට ඉන්නෙ නෑ මේ දෙන්නත් වෙන් වෙන්න තීරණය කරනවා.අමායා කියන විදිහට නම් අමාය අතුලගෙන් නීතියෙන් වෙන්වෙලා නෑ.අතුල ඉන්නෙ අමායගේ ගෙදර හැබැයි ඒ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.


ඒ වගේම තමයි අමායා ඊට පස්සේ ජීවිතයට තෝරගන්නවා තවත් සංගීත ක්ෂේත්‍රයේම චරිතයක් වෙච්චි හර්ෂ දනෝෂව.හර්ෂගේ විවාහයෙන් ඇයට ඉන්නවා තවත් පුතාලා දෙන්නෙක්.හර්ෂ ඉන්නේ අමායගේ ගෙදර හැබැයි මේ දෙන්නා දැන්නං එකට නෑ කියල තමයි ආරංචියි.ඒ සම්බන්ධයෙන් අහපුවහම අමායා කිව්වේ මේ වගේ කතාවක්.


“අපි දැන් යාළුවො විතරයි.අපි එකට ඉන්නෙ නැහැ.අපි ඉන්නේ එක ගෙදර. අපේ ගෙදර ගොඩක් ලොකුයි.මම උඩ තට්ටුවට වෙලා ඉන්නවා.අපි එක ගෙදර ඉන්නෙ හැබැයි එකට ජීවත් වෙන්නේ නැහැ.අපි කුස්සියට කන්න බොන්න එද්දි හම්බෙනවා  එච්චරයි.”


ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ සම්බන්ධය ගැන කියලා තිබුණේ.හැබැයි හර්ෂ නම් කිව්වේ එයා අමායට පණ ඇරලා ආදරෙයි කියලා කවදා හරි මේ ප්‍රශ්න විසඳිලා අමායා එයා ගාවට එනකම් අතුල බලාගෙන ඉන්නවා.