පේෂල මනෝජ් කියන්නේ සංගීත ශිල්පියෙක් විදිහටත් නිවේදන ශිල්පියෙක් විදිහටත් අතිශය බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආදරණීය කලාකරුවෙක්..ඔහු තමන්ගේ හිතේ තියෙන බොහොමයක් දේවල් විවෘතව මාධ්‍ය ඉස්සරහා කියන්න පැකිලෙන් නැති කෙනෙක්. ඒ නිසාම පේෂලට බොහෝ දෙනෙක් සමාජය පුරාවටම විවිධ විවේචන ඉදිරිපත් කරනවා.

කොහොම නමුත් අද වෙද්දි පේෂල පූර්ණිකා පීරිස් කියන යුගයේ ජනප්‍රියම නිවේදන ශිල්පිනියත් එක්ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ හැමෝම දන්නවා.මේ දෙන්නටම ඉන්නවා ආදරණීය පුතාලා දෙන්නේ. ඉතිං ඒගොල්ලොත් එක්ක තමයි ඔවුන් මේ ජීවිතය ලස්සනට ගත කරන්නේ.

පේෂල සහ පූර්ණිකා ගොඩාක් හොඳ අවබෝධයකින් ජීවත් වන දෙන්නෙක් නිසා ගෙදර විය හියදම් පිළිබඳව පේෂල මෙන්න මේ වගේ කතාවක් කියලා තිබ්බා.


“මම ඉතින් ගැහැණුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න පිරිමියෙක් නෙවෙයි. ෆෝන් එකා සෑහෙන සහයෝගයක් දෙනවා ගෙදර වැඩ වලට.මූල්‍යමය අතින් උනත් දායකත්වයක් දෙනවා. එයත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි.එයත් වැඩ කරලා හම්බ කරනවා. ඒ දේවල් කතාබහ කරලා ගෙදරට සහ පොඩි අයගේ වැඩවලට වියදම් කරනවා. ඒක එහෙමනේ වෙන්නත් ඕනි. ඒ හැර මම කැමතියි මම හම්බ කරල මගෙත් එක්ක ඉන්න අයව ජීවත් කරවන්න එහෙම කරන්න බැරිනම් මේ ජීවිතෙන් වැඩකුත් නැහැනේ”


ඉතින් පේෂල ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.