ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂකයන්ගෙ නොමද ආදරය දිනාගෙන ඉන්න ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මනේජ් සංජය කියන්නේ.මනේජ් ගැන කතා කරද්දී නොපසුබට උත්සාහයෙන් සහ ඔහුගේ හැකියාවෙන් තමයි අද ඔහු යම් තැනක ඉන්නවා නම් ඉන්නේ.

හිරුස්ටාර් වේදිකාව හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගායකයෙක් බවට පත්වුණු ඔහු අද වෙද්දි ආදරණීය තාත්තා කෙනෙක්. ඒ වගේම මනේජ් හරිම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. මනේන්ජ් පුංචි කාලෙ ඉඳන්ම සිංදු කියන්න හරි ආසයි. ඒ හැකියාව අඳුනාගෙන එක දවසක රොෂාන් ප්‍රනාන්දු ඔහුට අවස්ථාවක් උදා කරලා කරලා දෙනවා.

ඉතින් අද යම් තැනක ඉද්දි මනේජ් ඒ දේවල් පිළිබඳවත් මතක් කරන්න අමතක කළේ නැහැ.ඉතින් ඔහුට සංගීත ප්‍රසංග වේදිකාවට එන්න හිතුනේ මොකක් නිසාද කියලා අහපු අවස්ථාවක දී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට කුඩා කාලයේ පටන්ම ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. ඉතින් ඒ සංගීතමය හැකියාව මට බලපෑවා. මම කුඩා කාලයේ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් දැක්වූවා. මට කුඩා අවධියේ ආසාව තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. මම අ.පො.ස. (සා.පෙළ) ඒ සාමාර්ථ 7ක් අරගෙන සමත් වුණා. නමුත් මට අ.පො.ස. (උ.පෙළ) හරියට කරන්න බැරි වෙනවා. මේ නිසා මගේ අධ්‍යාපනය කඩාගෙන වැටුණා.  අපේ පවුලට එතරම් හොඳ ආර්ථික මට්ටමක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පසුව තමයි මම හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමට බැඳිලා මගේ සංගීත ගමන ආරම්භ කරන්නේ. පසුව හිරු ස්ටාර් තරගයට මම සහභාගි වුණා. එතැනින් තමයි මම බොහෝ දෙනා හඳුනන ගායකයෙක් බවට පත්වන්නේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහු ඔහුගේ සංගීත ගමන ආරම්භ කරන්නේ ඉතින් තවත් බොහෝ කාලයක් ගායකයෙක් විදිහට සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්නට ඔහුට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා කරන්නෙමු.