Slider

මම දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල රොෂාන් ප්‍රනාන්දුගේ දියණිය රට අතහැර ගිහින්?

 


කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන කණ්ඩායම් සංගීතයේ කැපී පෙනෙන නායකයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ.රොෂාන් ගැන කතාකරද්දි ප්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායමේ නායකත්වය දරන ඔහු හැමදාමත් ජනතාව ආදරය කලාකරුවෙක් වුනේ ඔහුගේ ඒ තියෙන නිහතමානී බව නිසාමයි.


රොෂාන්ට ආදරණීය පවුලක් ඉන්නවා. ඒ එකම දියණිය සිත්මි ප්‍රනාන්දු.ඉතින් ඇයත් පසුගිය කාල සීමාවේදී රූපවාහිනී වැඩසටහන් එක්ක එකතු වෙලා ලස්සනට ගීත ගායනා.ඇයට ලස්සනට සිංදු කියන්න පුළුවන් තාත්තට වගේම ඒ නිසා පසුගිය කාලසීමාවේ ඇයගේම නිර්මාණයක් කරන්නත් ඇය අමතක කළේ නැහැ.


සිත්මිගෙ කටහඬත් එක්ක බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තට පස්සේ අපිට ආරංචි වුණු විදිහට ඇය මේ වෙද්දී ලංකාවේ නෑ. ඇය ඕස්ට්‍රේලියාවට ගිහින්.ඉතින් සිත්මී ඇයි ඕස්ට්‍රේලියාවට ගිය කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


මට තේරෙන වයසක ඉඳලම ඕන වුණේ ඔස්ට්‍රේලියාවට ගිහිං වැඩිදුර ඉගෙන ගන්න. දැන් මගෙ වයස 20යි. අම්මටයි තාත්තාටයි බයක් තියෙනවා මම තනියම නොදන්න රටක නොදන්න මිනිස්සු එක්ක කොහොම තනියම වගකීම් අරන් ජීවත් වෙයිද කියලා. ඒත් එයාලා මගේ හීනය හැබෑ කරගන්න උදවු කළා. මමත් ඒ ගමන යන්න අවශ්‍ය පසුබිම් හදාගෙන ඔස්ට්‍රේලියා ආවා. දැන් ජීවත් වෙන්නේ මෙල්බන්වල. එයාලගෙන් ඈත් වෙලා ආව එකට දුකක් නැතුවම නෙමෙයි.”


ඉතින් ඇයගේ ඒ වැඩ කටයුතු දිනෙන් දින ම සාර්ථක කරගෙන දක්ෂ තරුවක් විදිහට සමාජය තුළ ජීවත් වන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo