කලා ලෝකය තුළ ආධුනික රංගන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු කලා තරුවක් තමයි  ගෙවීන් අභිෂේක් කියන්නේ.can you hear me ,දෙයියන්ගේ රටේ වැනි නිර්මාණත් එක්ක රංගනයෙන් දායකත්වය දක්වපු ඔහු අද වෙද්දී යුගයේ ජනප්‍රියම තරුවක් බවට පත්වෙලා.

ඒවගේම මතක් කරන්න ඕනි ගෙවීන් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක් වෙච්චි චින්තක කුලතුංග කියන ආදරණීය රංගන ශිල්පියාගේ ආදරණීය පුතා. හැබැයි තාත්තා රංගන ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටියට ගෙවීන් නම් කවදාවත් ඒක එයාගේ කලා කටයුතුත් එක්ක වාසියකට හරවා ගත්තේ නෑ.

ඔහු තමන්ගේම ස්වාධීන ගමන් මඟක තමයි ආවේ. ඒ නිසාම අද වෙද්දි සාර්ථක වෙලා.ඉතින් ජනප්‍රියම රංගන ශිල්පියකුගේ පුතත් කලාවට ආව කියන්න ඇත්තටම තාත්තා කෙනෙක්ට ලොකු ආඩම්බරයක්.තාත්තා සහ පුතා විදිහට ඔවුන් දෙදෙනාගත කරන ඒ ජීවිතය පිළිබඳව ගෙවීන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“තාත්තා එක්ක කොහේ ගියත් එයා මාව ඒ අයට විහිළුට හඳුන්වලා දෙන්නේ මේ මගේ මල්ලි කියලා. තාත්තා එහෙම කියද්දි විශ්වාස කරපු අය හිටියා. ඇත්තටම අපි දෙන්නා යාළුවෝ වගේ තමයි. චින්තක කුලතුංග කියන නළුවාට මේ තරම් ලොකු ළමයෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැන ගත්තේ මෑතකදී. මගේ හැම ප්‍රශ්නයකදි මාව වැටෙන්න නොදි හොඳ නරක කියා දීලා යාළුවෙක් වගේ ළඟින්ම ඉන්නවා. මම රංගනයට ඇවිත් ලොකු කාලයක් වුණත් ලැබුණු හැම චරිතයක්ම භාර නොගෙන තෝරා ගත් නිර්මාණ කරන්න තාත්තා තමයි ගයිඩ් කරන්නේ”

තාත්තගේ අඩි පාරේ යමින් ජීවිතය සාර්ථක කරගන්නට ඔහුටත් හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.