මියුරු කටහඬකට උරුමකම් කියන ආදරණීය ගායිකාවක් තමයි දීපිකා පියදර්ශනය පීරිස් මහත්මිය කියන්නේ. ඇය විසින් ගායනා කරපු ගීත සමුදායක් අද වන විටත් බොහෝ දෙනෙක් ආදරය කරන නිර්මාණ විදිහට ආදරෙන් වැළඳගෙන තියෙනවා.

යුගයක් ගීතයෙන් රසවත් කෙරූ ඇය අද වෙද්දි ආදරණීය පැටව් දෙන්නෙක්ගේ සෙනෙහෙබර අම්මා කෙනෙක්. ඉතින් ඇය විවාහ ජීවිතය පටන් ගන්න ටිකක් පරක්කු වෙලා. ටිකක් වයස ගත වුණාට පස්සේ විවාහ වුණාට අවසානයේ ඇයට ආදරණීය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ දරු සුරතල් විඳින්න වාසනාව උදා වුණා.ඉතින් ජීවිතයට පමා වෙලා ආපු ඒ වසන්තය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මේ වගේ සතුටක් මම ජීවිතේ විඳලා නෑ.මගේ ජීවිතයට වසන්තය ආවේ ටිකක් ප්‍රමාද වෙලා. එතකල් මම හිටියේ අම්මා එක්ක. අම්මා මියගිය අවුරුදු අසූ නවයක් ආයු වළඳලා, අම්මට ලොකු ආසාවක් තිබුණා මමත් අම්මා කෙනෙක් වෙනවා දකින්න.මම හිතන්නේ අම්මගේ එය ආශිර්වාදය මේ විදිහට හුරතල් ලස්සන දරුවෝ දෙන්නෙක් ලැබෙන්න මට හේතුවක් උනා”

ඉතින් ඇය ඒ විදිහට තමයි ඇයගේ ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ ඉතින් ඉදිරියටත් සතුටින්ම ජීවිතය ගත කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු