කලා ලෝකය තුළ ආදරණීය රංගන නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරන කලාකාරිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. පියුමි තමන්ගේ උත්සාහයෙන්  හැමදේම ගොඩනඟා ගත්තු කෙනෙක්. ඇය තමන්ගෙම කියලා  රූපලාවන්‍ය ආලේපන වර්ගයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක හිමිකාරිනියක්.

ඒ ව්‍යාපාරයෙන් අද වෙද්දි ලොකු සාර්ථකත්වයක් අත්කර ගෙන ඉන්නවා වගේම  අසරණ දුගී දුප්පත් ජනතාවට උදව් උපකාර කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ.ඒ වගේම තමයි පියුමිගේ ආදරණීය පුතාටත් ඇය උපරිම සැප පහසුකම් පිරුණු ජීවිතයක් දෙනවා.

ඒ සියලුම දේවල් එක්ක ආදරණීය සැමියා සහ පුතා සමඟ එදාමත් සතුටින් ජීවත් වන පියෝ මේ පසුගිය දවසක එයාගේ මුහුණු පොතට අමුතු සටහනක් එකතු කරලා තිබුණා.ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගෙ එකම ආසාව මගෙ පුතා තව ටිකක් ලොකු උනු ගමන් එයාව ඇමරිකා යවලා .එයා ඉගෙන ගෙන ඉවර උන ගමන්.මම මහන වෙනවා එක මගෙ තියන ලොකුම ලොකු ආසාවක් දෙවියනෙ.මට තියන එකම බැදිම එයා එයා ඉගෙන ගෙන pilot කෙනෙක් හරි doctor කෙනෙක් හරි වෙලා මෙ රටින් ගිහින් job එකක් කරන්න පටන් ගත්තම.එයාට පුලුවන් වයසට ගිය ආච්චිවත් ජිවත් කරන් බලාගෙ ඉන්න.අන්න එදාට මම මෙ සියලුම දෙ අත හැරලා යනවා.”

හිතන පතන ආකාරයෙන් ඇයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.