කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුසංඛා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය පැත්ත ගියත් ඇත්ත කියන්න දෙපාරක් හිතන්නෙ නැති චරිතයක්.එනිසාම පසුගිය දවසක හිරු නාලිකාව විසින් විකාශය කෙරූ අවුරුදු කුමාර කුමාරිවරුන්ගේ හාස්‍යයට ලක්වුණු වීඩියෝ පටයක් අල්ලගෙන මහේශීය ගැන විවේචනයක් ඉදිරිපත් කරලා තිබුණා.

මහේෂි කියලා තිබුණේ මේ වගේ ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වන වීඩියෝ සමාජගත කරන්න එපා. එහෙම කරොත් ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්න ඒ වගේ පුද්ගලයන්ගේ ජීවිත එහෙන් පිටින්ම අඳුරු වෙනවා කියලයි.

කෙසේ නමුත් ඇය මේ විදිහට කතා කරපු එක සම්බන්ධයෙන් මේ නාලිකාව දැඩි අසතුටට පත්වෙලා ඇය වෙනුවෙන් ඇයට විරුද්ධව විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා කියලා මහේෂි ප්‍රසිද්ධියේ කියලා තිබ්බා.ඇය තමන්ගේ මුහුණු පොතටත් එය සම්බන්ධයෙන් සටහනක් එකතු කරලා තිබුණේ පහත ආකාරයටයි.

“ඊලග අලුත්ම නාඩගම recording... දාලා මාව බය කිරීම.. මන් ලග ඔහුගේ බිරිද කියන ඔක්කොම සාක්ෂි තියෙනවා.. බලමු ලංකාවේ ඇත්ත කතා කරන්න මම මනුස්සයෙක් ට බැරිද???මොන තරම් මාලිගාවක හිටියත් වැඩක් නෑ කුඩු පවුල ගැන ඔක්කොම දන්නවා... මාව මරන්න plan ගැහුවට වැඩක් නෑ..මේ වෙලාවේ මට මොනා හරි උනොත් වග කියන්න ඕන පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව..”

ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ගිහිනුත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා කියලා සඳහන්