Slider

මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් කරන්න මම පුදුම ආසයි. මට ඒ සඳහා අවස්ථාවක් හම්බවෙලා නැහැ

 


මේ දිනවල විකාශය වන සිහින ගෙනෙන කුමාරයේ සහ සංසාරිනී ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර රංගන ශිල්පිනිය කවුරුත් ආදරේ කරන්න කුසුම් රේණු මහත්මියයි.දක්ෂ ප්‍රවීණ කලාකරුවෙක් වෙන ශ්‍රියන්ත මෙන්ඩිස්.

මේ දෙන්නම කලා ක්ෂේත්‍රය තුළ කලා කටයුතුත් එක්ක නිරත වෙලා ඉන්න නිසා බොහොම සුහදව පෞද්ගලික ජීවිතයත් ගත කරනවා.මේ දිනවල කුසුම් රේණු මහත්මිය වේදිකා නාට්‍යයක වැඩ කටයුතුත් එක්කත් කාර්ය බහුලයි කියලා ආරංචියි.

ඒවගේම ඇයට නිර්මාණ කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.ඒ සියලුම දේවල් සමබර විදිහට කරගෙන යන්න තමයි ඇය තීරණය කරන්නේ.ඒවගේම තමයි රංගන ජීවිතය ආරම්භ වූ කාලයේ පටන් ඇය විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා.රංගනය රාමුවකට කොටුවෙලාද කියලා අහපු අවස්ථාවකදී ඇය නම් ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ රංගන කටයුතු ආරම්භ වන්නේ  පාසලෙන් සහ දහම් පාසලේ. ඉතින් ඒ කාලයේ සිට අද වනතුරුම මම රඟපාලා නැත්තේ අනුලා දේවියගේ චරිතය විතරයි. ප්‍රසිද්ධ වේදිකාවට එන විට මගේ මුල්ම වේදිකා නාට්‍යයෙනුත් මට ලැබෙන්නේ රජ කුමාරියගේ චරිතය. ඒ වගේම සිනමා නිර්මාණ රැසකදීම මට ලැබෙන්නේ රජ බිසව, කුමරිය ඇතුළු රජ චරිත. මට ශ්‍රියන්තව මුණගැසෙන්නේත් ඓතිහාසික නාට්‍යයකින්. සයිමන් නවගත්තේගම

මහත්මයාගේ පණ්ඩුකාභය ටෙලිනාට්‍යයේ දීඝගාමිණී සහ උන්මාද චිත්‍රා යන චරිතවලට රඟපාන්න ලැබුණේ අප දෙදෙනාට. ඉතින් පොදුවේ ගත් විට මට ලැබුණු බොහෝ චරිත රජ චරිත. රජ චරිතවලින් මිදුණ පසු මට බොහොමයක් ලැබුණේ මන්ත්‍රි බිරියගේ චරිත. මෙවැනි පරාසයක තමයි මගේ චරිත බොහොමයක් දිව යන්නේ. ඉතින් මම හිතනවා මගේ ශරීර ලක්ෂණ නිසා මට මේ චරිත ලැබෙනවා ඇති කියලා. එක් පැත්තකින් මට හිතෙනවා මගේ චරිත එක් රාමුවකට කොටුවෙලා තිබෙනවා කියලා. මෙහෙණින් වහන්සේගේ චරිතයක් නිරූපණය කරන්න පුදුම ආසාවක් තිබෙනවා. මට තවම ඒ චරිතය කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. වෙලාවකට මට හිතෙනවා ඒ චරිතය සැබෑ ජීවිතයට ඉතුරු කරලා ද කියලත්.”

ඉතින් ඇය කැමති චරිත රඟපාන්න ලැබෙන සුභ වූ වසරක් වෙන්නට කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo