derana dream star ගායන තරගාවලිය හරහා කලා ලෝකයට පෑයූ සුන්දර නිහතමානී ගායිකාවක් තමයි නුවන්දිකා සේනාරත්න කියන්නේ. නුවන්දිකා ගැන කතා කරද්දි ඇයි මේ වන විටත් ටෙලි නාට්‍ය රැසක පසුබිම් ගායිකාවක් විදිහට විවිධ ගීත නිර්මාණත් එක්ක එකතු වෙලා ඉන්නවා.

ඒ වගේම බලෙන් උපන් සමනලි කියන ගීතය ගායනා කරන්නෙත් ඇය මේ වෙද්දි ඒ ගීතයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබිලා තියෙනවා.ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන අතරතුර තමයි මේ රියැදි වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ඒකත් එක්ක ඇයගේ කටහඬේ තියෙන සුවිශේෂී බව නිසාම මුළු ලෝකයක් ඇයට ආදරය කරා.

නුවන්දිකා මේ වෙද්දි විවාහ වෙලා. ඇත්තටම ඒ හමුවීමත් ඇයගේ මේ ගායන හැකියාව නිසාම සිද්ධ වෙච්ච දෙයක්.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්,

“ඒකත් රසවත් කතාවක්. එයාගෙ අම්මා මගේ හොඳ ෆෑන් කෙනෙක්ලු. අම්මා මං කියන සින්දුවක් බල බල ඉද්දි අහම්බෙන් වගේ තමයි එයා මාව දැකල තියෙන්නේ. ඒ වෙලාවෙම හිතුණලු මෙයා තමයි මගේ හිතේ ඉන්න කෙනා කියලා. ඊට පස්සෙ මං ගැන හොයලා බලලා ෆේස්බුක් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා. ඒ දවස්වල මං රියැලිටි කම්පෙටිෂන් එක ඉවර වෙලා නිදහසේ හිටිය කාලේ. එයා මට තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුණා. තුන් වැනි පාර තමයි මං ඇක්සෙප්ට් කරල තිබුණේ. මාස 6ක් 7ක් විතරම එයා දාපු මැසේජ් එකක්වත් මං බලල තිබුණෙ නැහැ. මාව කතා කරවගන්න ඕන නිසා එයා මගේ නමට තිබුණු ඩොමේන් එකක් අරගෙන වෙබ් සයිට් එකක් හදලා මට එව්වා. සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්නවනේ. මං හිතුව මෙයත් එහෙම කෙනෙක් කියලා. ඒකට නම් මට තරහා ගියා. ඒත් තරහ කරගෙනත් බෑ. පළමු වතාවට එදා මං මැසේජ් එකක් දැම්මා මගෙ ඩොමේන් එක මට ඕන කියලා. ඒ පාර එයා මාව දිගටම කතාවට අල්ල ගත්තා. එහෙම තමයි කතාබහ පටන් ගත්තේ”

ඉතින් ඒ විදිහට පටන් ගත්තු ඒ ආදර කතාව හැමදාමත් සාර්ථක කතාවක් විදිහට ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු..