x

කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරය හා රිදී තිරය හරහා විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය ඕෂධී හේවා මද්දුම.ඕෂ තී ගැන කතා කරද්දි ඇය කලාවට පමණක් ආස කරපු කෙනෙක් නෙවෙයි පසුගිය කාලසීමාවේදී ඇය දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් වුණා.

හැබැයි වර්තමානය වන විට ඇය දේශපාලන කටයුතුවලින් ඈත් වෙලා තමයි ඉන්නෙ.ජනප්‍රියත්වය හිනි පෙත්තේම ඉන්න කාල සීමාවකදී ඕෂධී විවාහ වෙන්න තීරණය කරනවා. ඇය විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වුණු පුද්ගලයෙක් සමඟ.


ඔහු මුලින්ම ඕෂධී රඟපාන්න එද්දී ඇය ගැන හොයලා බලලා ආදරය කරන්න පටන් ගන්නවා.ඉතින් ඒ ආදරේ තමයි එදා ඉඳන් අද දක්වාම තියෙන්නේ.මේ වෙද්දි ඕෂධීට දුවෙක් සහ පුතෙක් ඉන්නවා.ඒ වෙද්දි ඖෂධී විවාහ වෙලා තියෙන්නේ අවුරුදු විසිදෙකෙන්. ඉතින් හැමෝම කියලා තියෙනවා ජීවිතේ සුන්දරම කාලේ ඉක්මනට විවාහ වෙන්නේ ඇයි කියලා.ඒ සම්බන්ධයෙන් කවද හරි දවසක ඕෂධිට දුක හිතිලා තියෙයිද කියලා අහපුවහම ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“එහෙම දැනෙන්න මට ප්‍රදීප් ඉඩ තිබ්බෙ නැහැ. අනිත් එක වයස නෙමෙයි බලපාන්නේ සිතුවිලි විතරයි. ඒ කාලේ මගේ හොඳම කාලේ නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබුණා. ඒ කාලේ තමයි දීර්ඝ නාට්‍ය පටන් ගත්ත කාලේ. නමුත් මම විවාහයට ඒක බාධාවක් කර ගත්තේ නැහැ. මට වඩා ප්‍රදීප් අවුරුදු දහයක් වැඩිමහල්. එයා වගකීම් දරන්න පුළුවන් චරිතයක් හැටියටයි මම දැක්කේ. තාවකාලික ජනප්‍රියත්වය වෙනුවෙන් විවාහය කල් දාන්නේ මොකටද කියලා හිතුණා.


ඒ නිසා විවාහ වුණා. විවාහ වෙද්දී හැමෝම කිවුවේ ඇයි අඩු වයසින් බඳින්නෙ කියලා. කොයි කාලේ බැන්දත් නොගැළපෙනවා නම් අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙලා. ඒත් මම අවුරුදු 17ක් හරි සතුටින් පවුල් ජීවිතේ ගෙවනවා.”

ඉතින් තවත් බොහෝ කාලයක් මේ දෙදෙනාට සතුටෙන්ම ජීවත් වෙන්නට වාසනාව ලැබේවා කියා අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.