Slider

මම ගෙදරින් තරහා වෙලා ගියත් දවසින් ගෙදර එනවා. මොකද බබාලා දෙන්නා නොදැක ඉන්න බැහැ

 


සම්මානනීය රංගන ශිල්පියෙක් විදිහට පුංචි තිරය රිදී තිරය කියන මේ අංශ දෙක තුළම බොහෝ දෙනෙක්ට මතක හිටින චරිත මැවූ ආදරණීය කලාකරුවෙක් තමයි දසුන් පතිරණ කියන්නේ.බොහෝ දෙනෙක් ඔහුට ආදරේට කතා කරේ දස්සා කියන ආදරණීය නමින්.

ඔහු කාලයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නෙ නැතුව නිහඩවෙලා හිටියා.ඒකට හේතුව රටේ ඇතිවුණු ප්‍රශ්න එක්ක හරියටම නිර්මාණාත්මක වැඩ කෙරුණේ නැති නිසයි.නමුත් ආයෙමත් සැරයක් ඒ තත්ත්වය වෙනස් වෙලා නිසා දසුන් කලා කටයුතුත් එක්ක එකතු වෙනවා.


ඒ වගේම දසුන් මේ වන විට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.ඔහුගේ පවුල ආදරණීය දරුවන් දෙදෙනෙකු නිසා දැනටමත් ලස්සන වෙලා.ඉතින් දසුන් ගත කරන ඒ ජීවිතය ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්


”ඇත්තටම දරු සෙනෙහස කියන දේ ලැබෙන්න ඕනා ඉතාම ආදරණිය හැඟීමක් ඒ බැඳීම මාරයි.මට දැන් මොන දේ උනත් බබාලා දෙන්න නොබලා ඉන්න බෑ. ජීවිතේ මොන ප්‍රශ්නකාරී ගැටලුකාරී බවක් තිබුණත් බබාලා දැක්කා මේ හැමදේම මදකට හරි නැති වෙනවා.මෑතකදී මම ගෙදරින් තරහා වෙලා ගිහින් දවසෙන් ගෙදර ආවා. මොකද දැන් බබාලා නොදැක ඉන්න බෑ. ඒ බැඳීම නිසා තමයි පවුල කියන දේ තවත් බැඳෙන්නෙ.දැන් මගෙන් ඇහුව ජීවිතේ අංක එක මොකක්ද කියලා මම කියන්නේ මගේ දුවලා දෙන්නා කියලා. මම කොහොමත් කැමැත්තෙන් හිටියේ දුවෙකුට තමයි.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි දසුන් තමන් ගත කරන ආදරණීය ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo