Slider

දේශපාලනය කරන්න කියලා විකල්ප දේශපාලන පක්ෂ වලින් මට ආරාධනා ලැබුණා

අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට රංගනය කියන භූමිකාවට අළුත්ම අර්ථයක් දේ හෝ ආදරණීය කලාකරුවෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නේ.වේදිකාව හෝ වේවා ටෙලිනාට ක්ෂේත්‍රය හෝ වේවා! ඒ වගේම සිනමාව හෝ වේවා! ඒ ඕනෑම තැනක තමාට ලැබෙන චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ට කරන ඔහු මේ දවස්වල පුංචි තිරයේ ටෙලි නිර්මාණ කීපයක් හරහාම ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ගිහාන් කියන්නේ ටිකක් කාර්යබහුල රංගන ශිල්පියෙක් ඒ නිසාම පෞද්ගලික ජීවිතයේදී ඔහු ගෙදරට වෙලා කාලය ගත කරන කාලසීමාව බොහොම අඩුයි. සරලවම කියනවනම් වසර විසි පහකට පස්සේ වසංගතය කාලසීමාවේදී තමයි ගිහාන් ගෙදරට වෙලා විවේකීව කාලය ගත කළේ.

සාමාන්‍යයෙන් කලාව තුළ ප්‍රසිද්ධ වුණාට පස්සේ බහුතරයක් දෙනා ඊළඟට තීරණය කරනවා දේශපාලනයට පිවිසෙන්න.ගිහාටත් ඒ විදිහට දේශපාලනයට එන්න ආරාධනා ලැබිල තියෙනවද එවැනි ආරාධනාවලට ඔහු දැක්වූ ප්‍රතිචාරය කුමක්ද කියලා අහපු අවස්ථාවකදී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“විකල්ප දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබුණා. ඒත් රටේ ජනතාවයි දේශපාලනය කරන අයයි ඒ දෙගොල්ලම දැන් හොඳට දන්න දෙයක් මම දේශපාලනයට එන්නේ නෑ කියන එක.හැම කෙනෙකුටම දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. මටත් තියෙනවා අපි හැමෝම දේශපාලන චරිත ඒත් මම හිතන්නේ ස්වභාව ධර්මය විසින් හෝ වෙනත් විදිහකින් මව මේ ලෝකයට එවලා තියෙන්නේ.දේශපාලනය කරනයි එයාලගේ වැඩේ කරයි අපි කලාකරුවන් විදිහට අපිට පැවරී ඇති දේ කරමු.”

ඉතින් ඔහු ඒ සම්බන්ධයෙන් ඔන්න ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo