Slider

මට දුකක් නෑ ලෝකේ ජය අරගෙන හෙළයේ ගීත කෝකිලාවිය වෙන්න වාසනාවන්ත උනා


අද වන විට ජීවිතය සැබෑ සමය ගත කරමින්, හරිම සුන්දර සැහැල්ලු ජීවිතයක් ගත කරන ආදරණීය ගීත කෝකිලාවිය අහම්බෙන් කලකට කලින් පළ කරපු අදහස් කිහිපයක් ගැන කියන්න තමයි මේ සූදානම.හෙලයේ ගීත කෝකිලා විය කිව්වහම ඇය පිළිබඳව නොදන්න කෙනෙක් නෑ. ඇය ලතා වල්පොල මහත්මියයි.

ලතා වල්පොල මහත්මිය බොහොම දුක් ගැහැට විඳගෙන බාධක ප්‍රශ්න ඒවගේම ආදරණීය තාත්තගේ දැඩි විරෝධතාවය මැද්දේ තමයි කලා ලෝකයට ආවේ ගීත ගායනා කරන්න.සරලවම කියනවනම් ඇයට කිසිම පැත්තකින් සැනසීමක් තිබ්බේ නැහැ. උදව්වට හිටියේ ආදරණීය අම්මා විතරයි.

අවසානයේ තාත්තගෙ කැමැත්තට පිටුපාලා ගීත කියන්න ගියා කියලා තාත්ත මුළු ගෙදරම විනාශ කරලා ගෙදරින් පවා යනවා.ඒ සියලු අභියෝගතා එක්ක අද ඇය ලොවක් දන්න රටක් දන්නා ආදරණීය ගායිකාවක් බවට පත්වෙලා.සැදෑ සමය ගත කරන මේ මොහොතේ ඒ පැමිණි ගමන් මග දෙස ආපසු හැරී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“සතුටක් මිස දුකක් කලකිරීමක් නැහැ. ගායන ලෝකේ ජය අරගෙන හෙළයේ ගීත කෝකිලා විය ලෙස
ගෞරවයට පාත්‍ර වෙන්න තරම් මම වාසනාවන්ත වුණා.සංගීත ක්ෂේත්‍රයට කරපු සාධාරණය නිසා අනන්ත අප්‍රමාණ ලෙස සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා.ඒ අතර අදටත් මග තොටේදී ලබන ජනතා සම්මාන විශේෂයි. රත්තරන් දූ දරු මුණුබුරු මිනිබිරියන් පිරිසක් ඉන්නවා.ඔවුන්ගේ ආදරය විඳිමින් ගෙවන හැම තත්පරයකම බොහොම සතුටින් ජීවත් වෙනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය මේ දැන් ගත කරන ජීවිතේ ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් අපෙත් ආයුෂ අරන් තවත් බොහෝ කල් ජීවත් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo