කලා ලෝකයේ ඉන්න කඩවසම් නළුවන් අතරින් තරුණියන්ගේ ක්‍රෂ් එක ඔහු කිව්වොත් හරි. ඉතින් මේ ආදරණීය කලාකරුවා ඔබ අප කවුරුත් ආදරය කරන රංගන ශිල්පී විශ්ව කොඩිකාර.විශ්ව ගැන කතා කරද්දි ඔහු පබළු ටෙලි නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයන් දන්න කියන රංගන ශිල්පියෙක් බවට පත්වුණේ.

ඉන් අනතුරුව විවිධ ටෙලි නිර්මාණවල ප්‍රධාන චරිත නිරූපණය කරන විශ්ව මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයෙන්ද දැක බලා ගන්න පුළුවන්.ඔහු විවාහකයි. දැන් අවුරුදු දහයක් විතර වෙනවා ඔහු විවාහ වෙලා.ඔහු විවාහ වුණේ එරන්දි නමැති ආදරණීය තරුණියක් සමග.විවාහ වුණාට පස්සේ ජනප්‍රියතාවයේ අඩුවක් වුණාද කියලා අහපු අවස්ථාවකදී විශ්ව කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම එහෙම එකක් උනේ නෑ. එහෙම දෙයක් මට දැනුනෙත් නෑ අදටත් මට ගොඩක් ආදරේ කරන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. විවාහයත් එක්ක ඒකේ අඩුවක් වුණා කියලා මම හිතන්නෙ නෑ අනිත් එක මම විවාහ වුණේ විවාහ විය යුතු කාලේ”

එරන්දි ඔහුට හම්බවුණේ ඕස්ට්‍රේලියාවෙදි ඉතින් අදටත් මේ දෙන්නා බොහොම සතුටින් ආදරෙන් අවබෝධයෙන් ජීවිතේ ගත කරනවා.ඒ ජීවිතේ හැමදාමත් සාර්ථක වේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.