මේ දවස්වල අති දක්ෂ රංගන ශිල්පියෙක් විදියට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන ඉන්න මේ සුන්දර කලාකරුවා කුඩා කාලේ පටන්ම රංගනයට ඒ වගේම හඬ කැවීමට දක්ෂ පුංචි තරුවක්.ඔහු නමින් කුසල් දම්සිත් රාජ මන්ත්‍රී.කුසල් මේ දිනවල විකාශය වන සැලෙනා නුවන් හපන්නු අපේ ගමේ රාජ්‍යයේ,පොඩි කහදේ වැනි නිර්මාණ රැසකටම රංගනයෙන් දායකත්වය දක්වනවා.

ඉතින් ඔහුට තාම වයස අවුරුදු  දොළහයි. මහරගම පමුණුව තමයි මේ පුංචි කලාකරුවගේ ගම.අධ්‍යාපන කටයුතු සහ රංගන ජීවිතය එක සේකරගෙන යන්න ඔහුට පාසලෙන් ලැබෙන සහයෝගය ඒවගේම දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය අපමණයි.

ඒ වගේම කුසල්. දැනට රඟපෑමට අමතරව බොහෝ කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කුසල් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම පෞද්ගලික නාළිකාවක අවුරුදු හයේ ඉඳලා හඬකැවීම් සිදු කළා. මේ නිසාම දවසක් ශානි නැන්දා ITN නාළිකාවේ කෝපි කඩේ මලිත්තගේ කතාවේ ප්‍රධාන චරිතය වන මලිත්තගේ චරිතයට පණ පොවන අවස්ථාව මට ලබා දුන්නා. එතැනින් තමයි මම රඟපාන්න පටන් ගත්තේ.මම රංගනයට අමතරව ගොඩක් හඬකැවීම් කටයුතු කරන කෙනෙක්. දැනට මම නාළිකා කිහිපයකම හඬකැවීම් කටයුතු කරනවා. චිත්‍රපට, කාටුන්, විදේශ රටවල නාට්‍ය වැඩසටහන් හතළිහක් පමණ හඬකැවීම් කරලා තිබෙනවා. ඒ නිසා මම රංගනයට පසුව ඩබින් කරන්න ගොඩක් කැමැතියි. ඒ වගේම මම චිත්‍ර අඳින්නත් කැමැතියි. පාසලේ විෂය බාහිර වැඩකටයුතු කරන්නත් මම බොහොම කැමැතියි. මම පිහිනන්නත් ගොඩක් කැමැතියි. නමුත් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන ලබා දිය යුතු නිසා මට පාසල් පිහිනුම් කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදු වුණා.”

ඉතින් ඒ සියලු කලා කටයුතුත් එක්ක ඔහුගේ කලා ජීවිතය සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.