Slider

මම අඩි හයයි අඟල් හතරක් උසයි සමහරු කියනවා මම ගැලපෙන්නේ ඇක්ෂන් ෆිල්ම් වලට කියලා

ගායකයකු ලෙස ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී රංගන ශිල්පියෙකුගේ භූමිකාව නිරූපණය කරන ඒවගේම ලස්සනට ගායනා කරන්නත් අමතක නොකරන ආදරණීය කලාකරුවෙක් තමයි චිලී තිලංක.චිලි ගායකයෙක් විදිහට කරළියට ආවට ගැයුමෙන් නැටුමෙන් ප්‍රේක්ෂකයන් වසඟ කර ගත්තට පසු කාලීනව ඔහු තුළ සැඟවී සිටපු ආදරණීය රංගන ශිල්පියා ඉදිරියට ආවා.

ඒ නිසාම ඔහුට හැකියාව ලැබුණා අවුරුදු 15 ක් වැනි කාල සීමාවක් තුළදී කලාව වෙනුවෙන් විවිධ නිර්මාණ කරන්න.චිලි කියන්නේ සාමාන්‍යයෙන් උස කෙනෙක්.බහුතරයක් දෙනාට මේ ආරෝහ පරිනාහ දේහය පිහිටලා නෑ.හැබැයි චිලීට උස මහත ඇඟක් තියෙන නිසාම විවිධ චරිත නිරූපණය කරන්න ලැබෙන අවස්ථාවන් වැඩියි.ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එහෙමම කොටුවෙලා නැහැ. මං අඩි හයයි අඟල් හතරක් උසයි. සමහරු කියනවා මං ගැළපෙන්නෙ ඇක්ෂන් ෆිල්ම්වලට කියලත්. මේ දවස්වල තිරගත වෙන රයිඩර් සිනමා පටයේ මං කරන්නෙ විලන් කැරැක්ටර් එකක්. විලන් කිවුවට අවසානයේ තමයි ඒක විලන් බව තේරෙන්නෙ. මේක පුදුම කතාවක් එකේ මං ගෙවල්වල වැඩට තියාගන්න පොඩි ළමයි ගැන ඉන්වෙස්ටිගේට් කරන පොලිස් නිලධාරියෙක්. මේ දවස්වල ඉන්දියාවේ ලයිකා ප්‍රොඩක්ෂන් සමාගමෙන් කෙරෙන ජයන්ත චන්ද්‍රසිරිගේ දේවී කුසුමාසන සිනමාපටයේ වෙනස්ම චරිතයකින් එන්න සූදානම් වෙනවා. රන්මිණිතැන්නෙ ඒකෙ ෂූටින් කෙරීගෙන යනවා. තවත් සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. චරිතය ප්‍රධාන ද නැද්ද කියන එක නෙවෙයි මට යමක් කරන්න පුළුවන් ද කියන එක විතරයි මට වැදගත්. මං කැමති චරිතාංග නළුවෙක් වෙන්න. මට හිතෙනව තාමත් මගේ ඇඟේ තියෙන දේ කවුරුවත් එළියට ගත්තෙ නෑ කියලා. අවස්ථා ලැබෙනව නම් මට පුළුවන් සිනමාව වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න.”

ඉතින් ඔහුගේ කලා කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු 

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo