මේ රූපය දුටුව සැනින්ම බොහෝ දෙනෙක් දන්නවා මේ ආකර්ෂණීය සුන්දර කලාකරුවා කවුද කියන්න.එවැනි කවුරුත් නෙමෙයි උදිත් අභයරත්න. උදිත් මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට යන්නේ දේව කියන චරිතය සහ ලෝයර් චරිතයක් හරහායි.

මේ චරිත දෙකටම ඔහු ඉහළ සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ඒ නිසාම වෙන්නැති ප්‍රේක්ෂකයන් ඔහුගේ රංගනයට මේ තරම් ආස කරන්නේ.ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක්ටත් අමතරව අති දක්ෂ නිරූපණ ශිල්පියෙක් එහෙමත් නැත්නම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට ඔහු වැඩ කටයුතු රැසක් කරලා තියෙනවා.ඒ දේවල් සහ ඔහුගේ රංගනයට එන්න තිබුණු ආසාව පිළිබඳව උදිත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පහේ හයේ පන්තියේ ඉඳන්ම නළුවෙක් වෙන හීනය මා තුළ තිබුණා.ඒ අනුව ඒ අරමුණ ඔස්සේ ඇවිත් මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට මම කලාවට අවතීම වෙලා පසුව රංගනයට පිවිසෙනවා. මේ වෙද්දෙත් අවුරුදු පහළොවක් පමණ මම මේ ක්ෂේත්‍රය පූර්ණ කාලීනව නියැලී ඉන්නවා.පුද්ගලයෙක් විදිහට මටත් හීන තියෙනවා මම ඒ හීන හැබෑ කරගන්න වැඩ කරනවා”

රංගන ශිල්පියෙක් විදිහට ඔහුගේ හීන හැබෑ කරගනිමින් යන මේ ගමනට අපිත් එක සිතින් ඔහුට ප්‍රාර්ථනා එක් කරන්නෙමු.