දක්ෂ ගායකයෙක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර චරිතය කොයි කවුරුත් දන්නවා.ඔහු නමින් චිළි.ඔහූ ගායකයෙක් වගේම අති දක්ෂ නර්තන ශිල්පියෙක් ඔහුට ලස්සනට නටන්න පුළුවන්.නර්තනය ගායනයට අමතරව ඔහු රඟපාන්නත් දක්ෂ චරිතයක්.

ඒ දේවල් එක්ක චිලි මේ වෙති ආදරණීය තාත්තා කෙනෙක්ගෙ භූමිකාවත් රඟ දක්වනවා.මීට ටික කාලෙකට කලින් තමයි ඔහු විවාහ වුණේ.ඊට පස්සේ ඔහුගේ ආදරණීය කැදැල්ල දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය බවෙන් පිරිලා ගියා.මේ දවස්වල චිලී සහ චිලීගේ පුතා ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රියයි.  ඒ දේවල් සම්බන්ධයෙන් අහද්දී චිලී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට දැන් පුතා විතරක් නෙවෙයි දුවෙකුත් ඉන්නවා පුතාට තවම අවුරුදු එකහමාරයි. දුවට මාස කීපයක් වෙනවා.පුතා අපේ පවුලට මුලින්ම එකතු උනාම මට දැනුනේ මගේ ජීවිතය එයා සොරා ගත්තා වගේ හැඟීමක්.මතක සටහන් විදිහට තමයි ඔය පොඩි පොඩි වීඩියෝ කරලා ටිකට දාන්නේ. එහෙම නැතුව ලෝකෙට පෙන්වන්න නෙමෙයි.මිනිස්සු මාව දන්න නිසා ඒවා ජනප්‍රිය වෙනවා. පුතාගේ ඒවා වැඩිපුර දාන්නේ එයාගේ සිඟිති කාලය ඉක්මනින් ගෙවී යනවානේ. ඉතින් ඒ සමරු විදිහට කවදා හරි බලන්න ලැබෙයි නිසයි.කවද හරි අපට ඒවා පුතාටත් බලන්න පුළුවන් හොඳ සැමරුම් වේවි. ඒ නිසා තමයි මම මගේ
වැඩ අතර පුතාගේ වීඩියෝ දාන්නේ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි චිලි ඔහුගේ ආදරණීය පවුල ගැන කියලා තිබුණේ