කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා කියන්නේ.ඇය දෙරණ නාලිකාවේ නිවේදිකාවක් විදිහට විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

සචිනි ගැන කතා කරද්දි ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගෙන ඒත් එක්කම දෙරණ මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා මේ වෙනකම්ම වැඩ කටයුතු කරනවා.පසුගිය කාල සීමාවේදී නම් ඇය ටිකක් කලා කටයුතුවලින් ඈත්වෙලා විවේකයෙන් කාලය ගත කරා.

ඒකට හේතුව ඇය උතුම් මව් පදවිය ලබපු නිසයි.ඒ දේවල් එක්ක කාර්ය බහුල වුණු සචිනි ඔන්න ආයෙමත්  සැරයක් නිවේදන කටයුතුත් එක්ක එකතුවෙලා ඉන්න තීරණය කරනවා.මේ සියලුම දේවල් වලට ඇගේ ආදරණීය සැමියත් ඇයට උදව් වෙනවා.ඉතින් ඒ සම්බන්ධයෙන් සචිනි කිව්වේ මේ වගේ කතාවක්.

“අපි එක තීරණයක හිටියා බැඳපු ගමන්ම වෙන ගෙදරකට යනවා කියලා.අම්මලත් එක්ක ඉන්නෙම නැහැ කියලා අපි තීරණය කළා.මා හිතන්නේ ඒක අපි ගත්තු හොඳම තීරණයක්.මම තනි ළමයා විදිහට මට ඔක්කොම අම්මා තාත්තා තමයි කරලා දුන්නේ කිසිම දේක පුරුද්දක් තිබ්බේ නැහැ.අනිත් එක එහෙම ජීවත් වෙද්දී හරිම නිදහස්”

එක්තරා ප්‍රසිද්ධ වැඩසටහනකට සම්බන්ධ වෙලා සචිනි ඒ සම්බන්ධයෙන් කියලා තිබ්බේ ඔය වගේ කතාවක්