පියත් රාජපක්ෂ කියන්නේ නව පරපුරේ නැගී යන ගායකයෙක් විදිහට හැමදාමත් අලුත් දෙයක් කරපු ගායන ශිල්පියෙක්.මෙදාපාර ඔහු විසින් නිර්මාණය කරපු ගීත නිර්මාණය නිසාම සමාජ මාධ්‍ය කැළඹිලා අවසන්.ඒ කියන්නේ පියත් මේ පාර ගීත නිර්මාණයක් කරනවා බඳිමු සුදා කියන තේමාව යටතේ.

ගමේ ලස්සනම ලේලි ගෙදරට කැන්දාගෙන යන තැපැල් කාර්යාල සේවකයෙකුගේ කතාවක් තමයි මේ ගීතයට මූලික වෙලා තියෙන්නේ.ඒ ගීතයේම මියුසික් වීඩියෝවට රංගනයෙන් දායකත්වය දක්වන්නේ ඔහුගේම ආදරණීය පෙම්වතිය.

පියත් ගැන කතා කරද්දි ඔහුගේ තියෙන දක්ෂතාවය නිසාම ඔහුට එක ක්ෂණයෙන් හිතට අදහසක් එනවා මේ වගේ ගීතයක් කරන්න ඕනි කියලා.අද වෙද්දි ලංකාවේ මේ ගීතය ට්‍රෙන්ඩින් 1 වෙලා.ඒ දේවල් සම්බන්ධයෙන් ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටතත් මේ ගීය ට්‍රෙන්ඩින් වෙලා. මේ ගීතය පිටරටවල ට්‍රෙන්ඩින් ලිස්ට්වලටත් ඇවිල්ලා. මම දන්න තරමින් ඩුබායි, ඕස්ට්‍රේලියා, නවසීලන්තය කියන රටවල මේ ගීය ට්‍රෙන්ඩින් වෙලා. ඒක නම් හිතා ගන්න බැරි දෙයක්. මේ ගීතය එක දවසින් නැරඹුම්වාර මිලියනයක සීමාව පසු කළා. ඒ ගැන මට ඉතා සතුටුයි.

මේ ගීතයේ තනුව තමයි මගේ අතින් මුලින්ම නිර්මාණය වුණේ. මම කාලෙක ඉඳන් වේග රිද්ම ගීතයක් නිර්මාණය කරන්න ඕන කියන අදහසක හිටියා. මාත් එක්ක එකට නටන්න පුළුවන් ගීයක් තමයි මට නිර්මාණය කරන්න ඕන වුණේ. මම මේ වෙනකල් නිර්මාණය කළ ගීත පැත්තකට වෙලා නිදහසේ අහන්න පුළුවන් ගීත. අනික් දෙය තමයි මට පොඩි ඩ්‍රාමා කෑල්ලක් ගීතයට ගේන්න වුවමනා වුණා. වර්තමානයේ නිර්මාණය වන බොහෝ ගීතවල නාට්‍යමය ලක්ෂණ අපිට දකින්න නැහැ. ඒ නිසාම මම ඒ නාට්‍යමය ගතිය ගේනවා. මම පොඩි කාලේ හැදුණේ ඒ වගේ පරිසරයක. මගේ තාත්තා ලලිත් රාජපක්ෂ. එයා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒ නිසා මට යම් නාට්‍යමය නැඹුරුවක් තිබුණා.

ඉතින් ඔහුට තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපිත් හදවතින්ම  ප්‍රාර්ථනා කරන්නෙමු.