අංජුලා රාජපක්ෂ නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න පුළුවන් කලාකාරිනියක්.  ඇයට බොහොම ලස්සන රූපයකට හිමිකම් කියන්න වාසනාව ලැබිලා තියෙනවා.ඒ වගේම තමයි අංජුලාගේ ඇඟේ හැඩය එදා ඉඳන් අද දක්වාම ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නත් ඇයට හැකියාව ලැබිලා තියෙනවා.

අංජුලා මේ වෙද්දී ආදරණීය මවක්.මවක් කියන භූමිකාව තුළ ඉඳගෙනත් ශරීර සෞඛ්‍යය ගැන හිතලා නිතරම ඇය තමන්ගේ තරුණ පෙනුම රැකගන්න උත්සාහ දරන කලාකාරිනියක්.බොහෝ දෙනා කෘතිම ක්‍රීම් වර්ග ආලේපන වර්ග පාවිච්චි කරන්නේ යොමුවන කාල වකවානුවකදී ඇය සම ලස්සනට තියාගන්න නිවසේදී සිදු කරන ප්‍රතිකර්ම පිළිබඳව අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.

“සතියකට වරක් පෙර සිදුව ලබාගත් කෝමාරිකා මදය මූණ ගාන්න මම පුරුදු වෙලා ඉන්නවා.කෝමාරිකා වලින් මූණේ ඇතිවන වෙහෙසකර බව නැති වෙනවා. ඊට අමතරව ඉඳහිට වෙලාවක් ලැබුණොත් කඩල පිටි වලට මී පැණි ස්වල්පයකුයි. දෙහි බිංදු කිහිපයකුයි දමා එය අයිස් වතුරෙන් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම සිදු කරනවා සිදු කරනවා.මම ගොඩක්ම සුදු නිසාම දක්ෂතාවය තිබුණොත් ඇතැම් රංගන අවස්ථා ගිලිහී ගිය අවස්ථා තිබුණා. මුලදි මට ලැබුණෙ වෙස්ටන් චරිත විතරයි. ආසාව තිබුණත් දක්ෂතාවය තිබුණත් ගැමි චරිත රඟදැක්වීමට අවස්ථාව ලැබුණේ නැති තරම්”

ඉතින් ඇයගේ රූපය නිසා ඇයට රංගන ජීවිතයේදී විවිධ චරිතත් අහිමි වෙලා තියෙනවා කොහොම නමුත් හැමදාම ලස්සනට ඉන්න ඇයට ඉදිරියටත් ලස්සනටම ඉන්නට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා කරන්නෙමු.