පුංචි තිරයේ රිදී තිරයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියන නාමය දිනාගෙන හිටපු ඇය නමින් දමිතා අබේරත්න. දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ඇය කලාවේ බොහෝ තැන්වලට ගොස් ජාත්‍යන්තර සම්මාන පවා දිනාගෙන තියෙනවා.


පසුගිය කාල සීමාවේ සීමාවේදී ඇය රංගන ශිල්පිනියකට අමතරව ජනතාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට කටයුතු කළා.කොයි කවුරුත් දන්න විදිහට ගෝල්ෆේස් අරගලේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට ඒ වගේම නායිකාවක් විදිහට ඇය කටයුතු කළා.


බොහෝ අවස්ථාවන්වලදී ඇය රට මේ තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ඕනි ඒ තැනට අපි වැඩපිළිවෙළක් හදන්න ඕනි. හොරු රැල පන්න ඕනි කියන අරමුණෙන් තමයි අරගලයට මූලිකත්වය දුන්නේ.හැබැයි බොහෝ දෙනෙක් ඇයට දෝෂා රෝපණ එල්ල කළා. අරගලය නිසා එය ප්‍රසිද්ධ වුණා ඒ තුළින් ඒ දේශපාලනයට එන්න හදනවා හදනවා. ඒ වගේම අරගලේ මුවාවෙන් ඇය සල්ලි ගසා කෑවා කියලත් ඒ චෝදනා අතර ඉහලින්ම.හැබැයි ඒ සියලුම දේවල් වලට මීට කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් අතරතුරේදී දමිතා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“අරගලයෙන් දිනාගන්න මට අමුතු නමක් තිබුණ නෑ අරගල කරලා අදටත් මම අපහස තමයි විඳින්නේ. ඔය මොන අපහාස වින්දත් මිනිස්සුන්ට දෙයක් දැනෙන්න පුළුවන් විදිහට කරදෙන්නයි මා දේශපාලන වේදිකාවට නැග්ගෙ.මට හිතෙනවා මේ රටට ලොකු යහපතක් කරන්න පුළුවන් වෙයි කියලා අදත් මේ පවත්වාගෙන යන ඒකාධිපතිත්වයෙන් මේ රට ගලවාගන්න ඕනෑ කියලා හිතනවා  නම්, මට හිතෙන්නේ ඔය පාට පක්ෂ සියලු දෙනා එක්විය යුතුයි.එතනට රට අරගෙන ගිහින් ඊට පස්සේ වෙන වෙනම දේශපාලන කටයුතුවල නිරත වෙන්න කියලයි මා ඉල්ලා සිටින්නේ”


ඉතින් අරගලය ගැන ඒ වගේම ඇයගේ වැඩ පිළිවෙළ ගැන ඔන්න ඔය විදිහට තමයි කලකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවක් එජ්ක එකතු වෙලා අදහස් ඉදිරිපත් කරලා තිබුනේ.