නිල්වන් මුහුදු තීරය කියන ගීතය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැගුම් ගත්තු ආදරණීය ගායකයෙක් බවට පත්වුණු චරිතයක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඔහු විසින් ගායනා කරන ගීත බොහොමයකට ප්‍රේක්ෂකයන් ආදරය කළා. ඒ වගේම හෙක්ටර් ගැන කතා කරද්දි මේ වෙද්දි ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට දිවිතුරා ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

ගායනය විතරක් නෙවෙයි හෙට්ටට හරි අපූරුවට ලස්සනට සුමිහිරි වාදනය කරන්නත් පුළුවන්.මේ කියන්නා වූ සියලුම දේවල් කරගන්න සාර්ථකව කලාව තුළින් ඉදිරියට යන්න ඔහුට එකහෙලාම ශක්තියක් වෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ දරුවන් තුන්දෙනකුත් ඔහුට ඉන්නවා. ඒ සියලු දේවල් එක්ක මානසික සතුටත් හදාගෙන ඔහු කලාව කරන විදිය පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ දක්ෂකමට වඩා බිරිඳ පාටලීගේ දක්ෂකම මේක කිව්වොත් හරි. මොකද ඇයගේ යමක් තේරුම් ගැනීමේ ශක්තිය ඉතා ඉහළයි.ඒ තුළ එදා ඉදලම මගේ කාර්යබහුලත්වය තේරුම් අරගෙන අපේ පවුලේ වැඩ වලින් සීයට අනූ නවයක් කරන්නේ එයා.මම සිංදුවක් කියාගෙන පුංචි රංගනයක් ඉදිරිපත් කරගෙන සියයට 99% ක් කරන්නේ කලාවේ වැඩ ඒ පරිසරය නිර්මාණය කරලා මානසික නිදහස මට ලබා දෙන්නේ පාටලී. ඒ කැපකිරීම මම හැමදාමත් අගය කරනවා”

ඔන්න ඔය විදියට තමයි ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ ගැන අදහස් දක්වල තිබුණේ. ඉතින් තවත් බොහෝ කාලයක් දෙදෙනාට සතුටින් ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු