ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට බහුතරයක් දෙනාගේ හදවතේ ලැගුම් ගත්තු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ජනක කුඹුකගේ කියන්නේ.රංගන ශිල්පියෙක් විදිහට ඔහුව පුංචි තිරයෙන් අපි දැක බලා ගත්තත් පසුගිය කාල සීමාවේදී නම් නිතරම ඔහු හිටපු ඔහු රඟපාපූ නිර්මාණ අපිට දැක බලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.

කොහොම නමුත් කලාවත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න ජනක හැමදාමත් ජීවිතේ දිහා බැලුවේ හරි අමුතු විදිහට.විශේෂයෙන්ම ඔහු ඉපදිලා තියෙන්නෙ අවුරුද්ද දවසක ඒ නිසාම හැම උපන්දිනයක් දවසේදීම ගත කරපු ජීවිතය ගැන ඔහු ටිකක් බෞද්ධ දර්ශනයට අනුව හිතන්න පටන් ගන්නවා ගන්නවා. ඉතින් මේ ගෙවුනු ජීවිතය ගැන කලකට ඉහතදී ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“දැන් මේ සසර කෙටි කරගන්න මට ඕනෑ මොකද මේ වගේ රටවල් වල ඉපදිලා මේ දුක තවත් විඳින්න බෑ.  හැමතිස්සෙම දැනෙන දේ තමයි බෞද්ධ දර්ශනයට අනුව අපිට ඊළඟ ආත්ම භාවය කියලා දෙයක් තියෙනවා.ඉතින් පෙර ආත්මයක කර්මයක් කරලා තියෙනවා මේ විදිහට නැවත නැවත ඉපදෙන්න ඒ නිසා මේ සසර කෙටි කරගන්න ඕනෑ. සසර දිගු කර ගැනීම එතරම් හොඳ කාරණයක් නෙවෙයි.කාටවත් කරදරයක් හිරිහැරයක් නැතුව අනුන්ට වල කපන්නේ නැතුව ගිනි නොදී ජීවිතේ හරියට නිවැරදි මාර්ගවල සකස් කරගන්නවා තරම් පූර්ණ කටයුත්තක් තවත් නැහැ. ඉතින් එවැනි ජීවන දර්ශනයකට යම් පදනමක් සාදා ගැනීම තමයි කළ යුතු වෙන්නේ කියන දේ දැන් හිතට දැනෙනවා”


ඔහු ජීවිතය ගැන දකින්නේ ඒ විදිහට ඉතින් ඔහුගේ ජීවිතය ඒ ආකාරයෙන්ම ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපේ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.