Slider

මේ දවස්වල මගේ දරු මුණුපුරන්ගේ වැඩකටයුතුත් කරගෙන රංගන වැඩ කටයුතුත් කරගෙන සතුටින් කාලය ගත කරනවා

 

සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ අල්විස්ගේ චරිතයට රංගනයෙන් දායක වූ ඔහු මෑත කාලයේදීත් කලාවට ආ මුල් කාලසීමාවේදීත්, බහුතරයක් දෙනා හඳුනාගත්තේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක් විදිහටයි.ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ප්‍රවීණ රංගදර රොඩ්නි වර්ණ කුල මහත්මයයි.

පසුගිය කාලසීමාවේදී ඔහුගේ රංගනයෙන් හැඩ වැඩ වුණු කතුරු මිතුරු චිත්‍රපටයද ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු නිර්මාණයක් බවට පත්වුණා.හාස්‍ය උත්පාදන කලා ශිල්පය තුළ නිරත වෙන්න හැමෝටම බෑ ඒ වෙනුවෙන් සුවිශේෂී වූ හැකියාවක් තියෙන්න ඕනේ.

ඉතින් ඒ දේටම උපන් හපන්කම් තියෙන එතුමා හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක් වීම පිළිබඳව කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ඇත්තටම මාව වැඩි වශයෙන් යොදා ගන්නේ හාස්‍ය උපදවන චරිතවලට. මම හාස්‍යයෙන් තොර චරිත කරපු අවස්ථාත් තිබෙනවා. නමුත් ඒවා ප්‍රේක්ෂකයන්ට මතක නැහැ. මොකද ඔවුන් මාව වැඩිපුර දකින්නේ හාස්‍ය උපදවන චරිතවලින්.  ලංකාවේ මෙන්ම ලෝකයේ හාස්‍ය උපදවන රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් සිටින්නේ අතළොස්සක්. මම කිසි විටෙකත් සිතන්නේ නැහැ හාස්‍ය උපදවන චරිත  කිරීම, රාමුවකට කොටුවීමක් කියලා. විශේෂයෙන්ම හාස්‍ය උපදවන චරිත කරන රංගන
ශිල්පීන්ට ඕනෑම චරිතයක් සාර්ථකව කරන්නට පුළුවන්. ඉදිරියේදීත් හාස්‍ය උපදවන චරිතවලින් හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒවා භාර ගන්නවා.”

ඔහු සඳහන් කරන ආකාරයට කලාව තුළ වේදිකාව සිනමාව ටෙලි නානාට්‍ය  ක්ෂේත්‍රය කියන්නේ ඔහු විශාල වශයෙන් නිර්මාණ රැසකට සම්බන්ධ වුණු අංශ තුනක්.එනිසාම ඉදිරියේදීත් ඒ අංශ තුනත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඔහු සූදානමින්.මේ දවස්වල නම් එතුමා ආදරණීය දරුවෝ මුණුපුරන්ගේ වැඩ කටයුතුත් කරගෙන රංගන වැඩ කටයුතුත් කරගෙන ඉතාමත් සතුටින් නිදහසේ ජීවත් වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo