දමිත් අසංක කියන්නේ මීට අවුරුදු කීපයකට කලින් කලා ක්ෂේත්‍රය තුළ ලස්සන ගීත රැසකින් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරපු ගායකයෙක්.එවිට ඔහු ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම ඉන්න කාලසීමාවක හදිසේම ගීත ගායනා කරන්නැතුව පැත්තකට වෙලා කාලය ගත කළා.

ඒ විදිහට ඔහු නිහඩ කාලය ගත කරපු කාල සීමාවේදී බොහෝ දෙනෙක් යන පටන් ගත්තා දමිත්ත සිහිකල්පනාව දැන් අඩුයි කියන දේ.ඒ වගේම ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරලා පුනරුත්ථාපනය කළ යුතු තත්ත්වය පසුවන කෙනෙක් කියලත් ඒ අතර සඳහන් කළා.

කොහොම නමුත් මේ කටකතා සමාජය තුළ ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙද්දී දමිත්, මාධ්‍යයට කතා කරනවා.ඒ කතාබහ තුලත් ඔහුගේ වෙනස්කමක් දකින්නට ලැබුණා කියලා තමයි ප්‍රේක්ෂකයන් කියන්නේ.ඒ දේවල් ඒ විදිහට වෙද්දි මේ වෙද්දි නම් සීයට සීයක්ම සම්පූර්ණයෙන්ම පරණ දමිත් විදිහට ජීවිතය දිහා බලන ඔහු ආයෙමත් සැරයක් ගීත කියන්න ඇවිල්ලා ඉන්නවා.

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ නැවත වතාවක් ගීත ගායනා කරන දමිත් මේ වෙද්දි අලුත් නිර්මාණ කීපයක් කරන්නත් සූදානමින්.ඒ සියලු දේවල් එක්ක ඔහු නිහඩ වෙලා හිටපු කාලසීමාවේ නිතරම කරලා තියෙන්නේ ගොවිතැන් කටයුතු.ඒ වැඩ සහ ඉදිරි ප්‍රසංග වැඩ කටයුතුවලට මොකද වෙන්නේ කියලා අහපු අවස්ථාවකදී දමිත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඉස්සරහට මම නොකඩවා ප්‍රසංගවලට සහභාගි වෙනවා. මට පුළුවන් හැම මොහොතකම මම ගීතයක් නිර්මාණය කරනවා. මොකද මම අවුරුදු පනහක් හැටක් ජීවත් වුණොත් ඉදිරි කාලය විවේක සුවයෙන් ගත කරන්න හිතාගෙන ඉන්නවා. ඉපදුණු දවසෙ ඉඳන්ම ඉවරයක් නැහැ. මොනව හරි හිතනවා. මේ හිතන එක අපි නවත්වන්න ඕනෑ නේද?

මම කැමැතියි ගොවිතැන් කරන අයට උදවු කරන්න. ඒ වගේම මම ඔවුන් වෙනුවෙන් මගේ මූල්‍යමය දායකත්වය සපයන්නත් කැමැතියි. නමුත් මට ඔවුන්ගෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඔවුන් ඒ වැඩේ නිවැරැදිව කරනවාද කියන දෙය මම නිරීක්ෂණය කරනවා. මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ. මම දැනුත් එහෙම බවබෝග වවනවා. මට හොඳ බීජ ලැබුණොත් මම හිටුවනවා.”

ඉතින් කලාවත් ඉදිරියට කරගෙන යන අතරමග ඔහුගේ ජීවිතය ඔහු කැමති විදිහට ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.