Slider

ඒ කාලේ අපි කුලී ගෙවල් වල හිටියේ.එයා අනුරාධපුරේ ඉඳන් මාව කෝච්චියේ කොළඹ ෂූටින් වලට එක්කන් ආවා.

 


ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ගැමි හැඩ හුරුකම්වලට නෑදෑකම් කියන ආදරණීය අව්‍යාජ හිනාවකින් යුක්ත කලාකාරිනියක් තමයි අශිකා මතසිංහ කියන්නේ. බොහෝ දෙනෙක් ඇයව අඳුනා ගත්තේ කොහොඹ සබන් කැටේ වෙළඳ දැන්වීම හරහායි. ඊට පස්සේ විවිධ ටෙලි නිර්මාණ හරහා අපි අයව දැක බලා ගත්තත් පසු කාලීනව අශිකා කලා ක්ෂේත්‍රය තුල වැඩකටයුතු නොකරපු කාලයකුත් තිබ්බා.

ඒකට හේතුව ඇය ආදරණීය දරුවන් තිදෙනෙකුගේ මවක් වීම නිසයි.එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇය සඳහන් කරපු ආකාරයට එක ළඟ වගේ ඇයට දරු ප්‍රසූත වලට මුහුණ දීමට සිදුවුණා සහ ඒ කාල සීමාවේදී දරුවන් උස් මහත් වෙනතුරු ඇය ඔවුන් එක්කම කාලය ගත කළා.

අද ඇය කලාව තුළ නැවත වතාවක් වැඩ කටයුතුත් එක්ක සම්බන්ධවෙලා කටයුතු කළත් ඒ සියල්ල යහපත් ආකාරයකට කරගෙන යන්න ඇය ශක්තියක් වුනේ අයගේ ආදරණීය සැමියා.එතෙක් මෙතෙක් කාලය තුළ සැමියාගෙන් ලැබුණු සහයෝගයත් එක්ක ඇය පසු කරපු අභියෝගාත්මක කාල වකවානුවක් පිළිබඳව අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.

“විවාහ වුණාට පස්සේ ජීවිතේ එන අභියෝග වලට මුහුණ දුන්නේ අපි දෙන්නම එකතුවෙලා.ගෙයක් ගනිද්දී වාහනයක් ගනිද්දි පවා අපි දෙන්නගේ අදහස් එකමුතුකම තමයි ශක්තියක් වුනේ. අනෙක අපිට ඒ සියල්ල එකවර ලැබුණේ නැහැ. අපි කුලී ගෙවල්වල හිටියා.ඒ වගේම ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස සැමියාට ලැබුණු නිල නිවාස වල හිටියා. ගෙවල් දහයක විතර අපි සැරෙන් සැරේ ඉන්න ඇති. ඒවත් එක්කම ක්ෂේත්‍රයේ රැඳිලා හිටපු එකම ලොකු දෙයක්.අනුරාධපුරේ ඉද්දි පවා දරුවෝ එක්ක එයා මාව රැගෙන ෂූටින් වලට කොළඹ ආවා. ශීඝ්‍රගාමී දුම්රියෙන් තමයි ආවේ.දෙදෙනා එකමුතු නම් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.”


ඉතින් ඇය නව පරපුරේ බොහෝ දෙනෙක්ට ආදර්ශයක් වෙන විදිහට ඒ ගත කළ ජීවිතය ගැන කියලා තිබුණේ ඒ විදිහටයි.ඉතින් තවත් බොහෝ කාලයක් සතුටින් මොවුන්ට ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo