කලා ලෝකය තුළ දඟකාර හැඩකාර රටා මවන සුන්දර ස්වරූපය රංගන ශිල්පිනියක් තමයි ඩිස්නි රාජපක්ෂ කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය පාසල් සමයේදී පොත පතේ වැඩවලට වඩා වැඩිපුර කාලය වැය කළේ ක්‍රීඩා සහ කලා අංශයේ වැඩ වලට.ඒ දේවල් නිසාම පොත පතේ වැඩවලට ඇයට යොමු කරන්න තිබුණු කාල වේලාව අඩුයි.

පාසල් ජීවිතෙන් පස්සෙ ටික කාලයක් යද්දි ඇය කලාවට අවතීර්ණ වෙනවා.රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදියටත් කලාව තුළ විවිධ කාර්යන් නිරූපණය කරන ඇය අද වන විට තමන්ගෙම කියලා ස්ථාවරත්වයක් හදාගෙන අවසන්.

පාසල් කාලෙදි අපි මුලින් කිව්වා වගේම අමතර වැඩ කටයුතු නිසා කප් ගහපු චරිතයක්.ඇය පාසල් යන කාලෙ ඉඳලම දැඟලිල්ල කියන දේ වැඩිපුර තිබුණු ශිෂ්‍යාවක්. ඉතින් ඒ අතීතය පිළිබඳව ඩිස්නි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“දැඟලිල්ල කියන්නේ ඉතින් පාසල් කාලයේදී වැඩිපුරම කලේ දඟලිල්ලම තමයි. කොයි වෙලාවෙ බැලුවත් දැල් පන්දුව අතේ එක්කෝ වෙනත් ක්‍රීඩාවක යෙදුනා.එක්තරා අවස්ථාවකදී ගුරුවරියක් කියනවා අවුරුදු තිහක ගුරු ජීවිතයේදී එයා දැකපු දැඟලිලීම ළමයා මම කියලා. කොහොම වුණත් ඒ වගේ දාංගලයක් තිබුණු මම සාමාන්‍ය පෙළ සමත් වුණේ ඒ නමයක් අරගෙන උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සරසවි නොගියේ ලකුණු දෙකක්”

ඉතින් ඇයගේ පාසල් අතීතය පිළිබඳව ඇය කියලා තිබ්බේ වගේ කතාවක් කෙසේ නමුත් කලා කටයුතුත් එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇයට අතීතය වගේම ඉදිරියටත් සතුටින් ජීවත් වෙන්නට වරම් ලැබේවා කියා අපේ එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.