කලා ලෝකය තුළ පුංචි කාලේ ඉඳලම විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිණි සහ ගායන ශිල්පිණී නතාෂා පෙරේරායි.නතාෂා ගැන කතා කරද්දි ඇය දක්ෂ නිවේදිකාවක්.මේ දවස්වල රියලිටි වැඩසටහනක් මෙහෙයවන නිවේදිකාවක් විදිහට තමයි ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ.

කලා ලෝකය තුළ ඒ ඒ අංශවලට ඇය දක්ෂ වෙද්දී වෘත්තිමය පැත්තෙන් ඇය නීතිඥවරියක් දක්වා ඉගෙනීම හැදෑරූ කෙනෙක්.නතාෂාගේ පෞද්ගලික ජීවිතය ගත්තහම ඇය වැඩිපුරම විදෙස්ගත වෙලා තමයි හිටියේ. ඕස්ට්‍රේලියාවේදී විවිධ තැන් සොයා ඇවිදින්න ඇය අමතක කරලා නැහැ.ඉතින් සාමාන්‍යයෙන් ට්‍රැවල් කරද්දි, බොහෝ දෙනෙක්ට ජීවිතයට අමතක නොවන මතක සටහන් රැසක් ඉතිරි වෙනවා.නතාෂත් ඒ වගේ මුහුණ දුන්න අමතක නොවන සිදුවීමක් ගැන කියලා තිබ්බේ මේ විදිහටයි.

“එකපාරක් මීට අවුරුදු දෙක තුනකට කලින් රත්නපුරේ ගියා. මම වැඩිය ඇවිදින්න කැමති කෙනෙක් නෙවෙයි. එතනට වාහනෙන් යන්න බැහැ කියලා විනාඩි දහයෙන් යන්න පුළුවන් කියලා පයින් එක්කන් ගියා. පොඩි දුරයි කියලා විනාඩි 45ක් විතර අර ගස් ගල් අස්සෙන් ඇවිදින්න උනා. අන්තිමට මාව කසන්න අරන් මට ඇඬුනා. මොකද මට ඇවිදින්න පුරුදු නැති නිසා වෙන්න ඇති.අවසානයේ මම පාර
මැද නැවතිලා ඇඬුවා. ඒ සිදුවීම තාමත් මතකයේ රැඳෙනම දෙයක්”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි නතාෂා ඇයගේ ඒ අතීත සිදුවීමක් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබුණේ.