කියාදෙන්න ආදරය තරම් ටෙලි නිර්මාණයේ බොහෝ දෙනෙක්ගේ හදවත දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සචින්තනී කෞශල්‍යා කියන්නේ. ඇය ගැන කතාකරද්දි ඇය රන්වල බලකාය කියන ආයතනය හරහා තමයි මුලින්ම කලාවට අවතීර්ණ වෙන්නේ.

එතෙක් මෙතෙක් ආපු ගමන් මග තුළ ඇයට දෙයක් කළ හැකි චරිත කීපයක්ම ලැබිල තියෙනවා. ඒ අතරින් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසි කියන චරිතයට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ වගේම තමයි සාමාන්‍ය රංගන ශිල්පිනියක් වුණහම කලා කටයුතුත් එක්ක නිරත වෙලා ඉන්න හින්දා තමන්ගේ ඇඟ ගැන ඒ වගේම ශරීර සෞඛ්‍යය ගැන එක පාරක් නෙවෙයි දෙපාරක්ම හිතන්න ඕන.

සචින්තනී කියන්නේ ඔහේ ආවට ගියාට කන කෙනෙක් නෙවෙයි. ඇය නිරන්තරයෙන්ම කෑම පාලනය කරන්න උනන්දු වෙන කෙනෙක්.කෑමත් කාලා මහත් නොවී ඉන්න විදිය පිළිබඳව ඇයම කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අනිවාර්යෙන්ම මම ශරීර සෞඛ්‍යය ගැන හිතනවා මොකද මට තියෙන්නේ ඉක්මනින්ම මහත් වෙන ඇඟක්.workout කලේ නැත්නම් කෑම පාලනය කළේ නැත්නම් ජිම් ගියේ නැත්නම් මම ඉක්මනටම මහත් වෙනවා.ඒ වගේම මගේ වෘත්තිමය වැඩ කටයුතුත් එක්ක එහෙම කරන්න සිද්ධ වෙනවා. මොකද මම screen එකට ටිකක් මහතට පේන කෙනෙක්. පුළුවන් තරම් ගෙදරින් කෑම ගන්න උත්සාහ කරනවා. ග්‍රීන් ටී බොනවා. සීනි පිටි තෙල් අවම කරන අවස්ථා තියෙනවා. නමුත් මම පැණිරස කෑම කන අවස්ථා තියෙනවා. මම ජීම් යනවා. ඒ වගේම යන්න බැරි වෙනකොට කෑම පාලනය කරනවා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ලස්සන රංගන ශිල්පිනියක් විදිහට   හැමදාම ඉන්න තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා තියෙන්නේ.