Slider

අපි ඉක්මනට බැන්දා රට යන්න ඕන නිසා.ලංකාවේ ඉන්න බැහැ.අපි දැන් ඉන්නේ කැනඩාවේ.

 


රියලිටි තරගාවලියක් හරහා කරළියට ඇවිල්ලා ජයග්‍රාහකයෙක්  විදිහට තේරිපත් වුණු මේ සුවිශේෂී ගායකයා නමින් ජනිත් ඉද්දමල්ගොඩ. ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායන අංශය තුළ ඔහුගේම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ගමනක් ආපු නිසා ජනිත්ට කොයි කවුරුත් ආදරෙයි.

ඒ වගේම මතක් කරන්න ඕනේ ඔහු විසින් මෑතකදී ගායනා කරපු අකා මකා වීලා වේදනා මැකී යනවා කියන ගීතයට සමාජ මාධ්‍ය පුරාවටම ඉහළ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.ඒ දේවල් එක්ක ඒ ගීතයේ ජනප්‍රිය වෙද්දී ආයෙමත් සැරයක් ජනිත් ආයෙමත් සැරයක් ජනතාව අතර වෙන්දටත් වඩා ජනප්‍රිය වුණා.ඇත්තටම සංගීත කටයුතුත් ඒ විදිහට සිද්ධ වෙද්දී ජනිත් කිසිම සද්දයක් බද්ධයක් නැතුව විවාහ ජීවිතයටත් ඇතුළත් වුණා. ඒ වගේම තමයි ඔහු දැන් ඉන්න ලංකාවෙ නෙවෙයි කැනඩාවේ. මේ ගත්තු තීන්දු තීරණ පිළිබඳව ජනිත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම අපි ඉක්මනින් විවාහ වුණු හේතුව නම් විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වුණු නිසා. නමුත් වීසවල ප්‍රශ්නයක් ඇවිල්ල මාස දෙකක කාලයක් ප්‍රමාද වීමකුත් වුණා. ලංකාවෙන් එන්න.ඇත්තටම දැන් ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න ඕනෑ කාරණයක් නෙවෙයි. නමුත් දිගටම විදෙස් ගතවෙලා ඉන්නවා කියන තැන අපි තවම නැහැ. බිරිඳගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන්නත් එක්ක තමයි අපි විදෙස්ගත වුණේ. දැන් කැනඩාවේ තමයි ඉන්නේ. ඉතින් ඉදිරියේදී ලංකාවේ තත්ත්වයත් එක්ක තමයි අපේ ගමන් මඟ තීරණය වෙන්නේ”

ඉතින් ඔහු ඔහුගේ පෞද්ගලික ජීවිතේ ඒ ගත්තු තීන්දු තීරණ පිළිබඳව ඒ විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo