වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඒ වගේම සිනමාව කියන මේ සෑම තැනක්ම ස්පර්ශ කරපු අතිශයින්ම දක්ෂ ප්‍රවීණ කලාකාරිනියක් තමයි ගයනා සුදර්ශනී මහත්මිය කියන්නේ.ඇය පසුගිය කාල සීමාවේ නම් වැඩිපුර නිර්මාණත් එක්ක දැක බලා ගන්න අපිට අවස්ථාව උදාවුණේ නැහැ.

හේතුව ඇය කලක් විදෙස් ගත වෙලා හිටපු නිසා වෙන්න ඇති.නමුත් මේ වෙද්දි නම් ඇය ලංකාවට ඇවිල්ලා ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නාට්‍ය කීපයක්ම පුංචි තිරයෙන් විකාශය වෙනවා.කලාව ගැන කතා කරද්දි  එදා ඉඳන් අද දක්වාම ගයනිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ සුබදායී ප්‍රතිචාර.

ඒ වගේම ඇය මේ වෙද්දෙ කලා ක්ෂේත්‍රයට පිවිසිලා වසර ගණනාවක්ම ගතවෙන නිසා වර්තමාන කලා ක්ෂේත්‍රය සහ අතීතයේ කලා ක්ෂේත්‍රය පිළිබඳව ඇය තුළ තියෙන්නේ ටිකක් කලකිරුණු ස්වභාවයේ අදහසක්.ඇත්තටම අද කලා කෙත ගැන මොකක්ද හිතෙන්නේ කියලා අහපු අවස්ථාවකදී කෙලින්ම ගයනි කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අතීතයේ සිටම කලා ක්‍ෂේත්‍රය හරි ලස්සනට ගලාගෙන ආවා. ඒ කාලේ ටෙලි නාට්‍යයකට තිබුණේ කොටස් 20ක් හෝ 25ක්. කාලයත් සමඟ ටෙලි නාට්‍ය කොටස් ප්‍රමාණය වැඩි වුණා. මේ වන විට කොටස් දහස ඉක්මවූ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඇත්තටම  ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට බලන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ වගේ ටෙලි නාට්‍යවලදී නළු නිළියන් පවා ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. මම පෞද්ගලිකව ඒ වගේ නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. මොකද ප්‍රේක්ෂකයන්ට අපිව එපා වෙනවා. ඒ වගේම එදා නිර්මාණවල චරිත

මේකප් පුරවගෙන කරපු චරිත නෙවෙයි. ඒ නිසා ඒ චරිතත් ප්‍රේක්ෂකයන්ට හොඳට මතකයි. අද නළු නිළියන්ට  මේකප් අත්‍යවශ්‍යම දෙයක් වෙලා. ඒ වගේම අද ගොඩක් නිර්මාණ බොහොම අඩුවට කරන්න යනවා. මේ දේවල් නිසයි වර්තමානයේ කලා ක්ෂේත්‍රය මෙවන් තත්ත්වයට පත්වී තිබෙන්නේ.”

ඉතින් හැමදාමත් කලාව කලාව විදිහට දකින ඇයට කලා ක්ෂේත්‍රය තුළින් තවත් බොහෝ දුර ගමනක් යන්නට හැකියාව ලැබේවා කියා අපෙත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

x