ලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන සිනමාව ජයගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නෙරංජනී ෂන්මුගරාජා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නිවේදිකාවක්.

ඇය ජාතික රූපවාහිනියේ ලොතරැයි ඉදිරිපත් කිරීමේ නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු කළා.හැබැයි මේ වේදනම් ඇය ඒ නිවේදනා තනතුරේ වැඩ කටයුතු කරන්නේ නැහැ.සුනාමි චිත්‍රපටයේ නේරංජනී රඟපෑ ඒ අපූරු චරිතය නිසාම පසුකාලීනව ඇයට ජාත්‍යන්තර සම්මාන කීපයක්ම ලැබුණා.


සිනමාව තුළ ඇය දන්න කියන චරිතයක් වෙන්න කලින් ඇයට ඇයගේ රූපය නිසා බොහෝ ප්‍රතික්ෂේප කිරීම් වලට මුහුණ දෙන සිද්ධ වෙනවා.ඉතින් ඒ අතීතය ගැන නිරංජනී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මම production දෙකක ඔඩිෂන් වලට ගියා.ඒ මුල් කාලේ නිසා අතේ මහලොකුවට සල්ලි තිබුනෙත් නැහැ.මම කොළඹටත් අළුත්.මම බස්වල නැගලා එයාලා කියන ලෑන්ඩ් මාර්ක්ඩ් බල බලා ගිහිල්ලා බස්වලින් බැහැලා ආයෙ ඇවිදගෙනත් ගියාම ඔරිෂන් එකේදි උඩ ඉඳන් පහළට බලලා මටම කියනවා ඔයා කළුයිනේ. ඔයා සුදු නෑනෙ මූනේ පිම්පල් තියෙනවානේ. දත් කෙලින් නෑනේ කියලා.එහෙම එන්න කියලා රිජෙට් කලාම හරිද”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය මුල් කාල සීමාවේදී ලබපු අත්දැකීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.